*
Friday, September 20, 2024
spot_img

Latest Posts

රටට අහිමිවන අදායම් සෙවීමට ඩිජිටල්කරණය වූ ක්‍රමවේදයක් යෝජනා වෙයි!

කොළඹ LNW:ක්‍රම සහ විධි කාරක සභාව මගින් තොරතුරු ලබාගැනීමේදී ඇතැම් අමාත්‍යංශ ඒ සඳහා පහසුකම් සලසා නොදෙන නිසාවෙන් රටට අහිමිවන ඇති විශාල මුදල් ප්‍රමාණය පිළිබඳව සෙවීම සඳහා විශේෂඥභාවය සහිත නව ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (06) එම කාරක සභාවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අනාවරණය කළේය.

පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය 148, 149 වගන්ති වලින් පවරා තිබෙන අතර ඒ මූල්‍ය බලය පරිහරණය කරන එක ක්‍රමයක් ලෙස කාරක සභා හරහා ප්‍රශ්න කිරීම්, තොරතුරු විමසීම්, නියාමනයන් කිරීම් සිදුකිරීම දැක්විය හැකි නමුත් ස්ථාවර නියෝග වලින් දී තිබෙන බලතල මේ ආකාරයට උල්ලංඝනය කිරීමෙන් කාරක සභාවල පැවැත්මට විශාල ප්‍රශ්නයක් මතුවෙන බවයි රණවක මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

“ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා ලෙස එහි සභාවේ පළවෙනි වාර්තාව මම මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එහිදී ඔබතුමාගේ අවධානය යොමු කිරීම සඳහා මං කරුණු කිහිපයක් කතා කරන්න කැමතියි. පළවෙනි දේ මේ අපේ කාරක සභාවලට අපි යම් යම් තොරතුරු අමාත්‍යංශ වලින් ඉල්ලුවාම ඒ අමාත්‍යංශ තොරතුරු අපට ලබා දීම පමා කරනවා හෝ ප්‍රතික්ෂේප කරනවා. ඊයේ වාර්තා වුණා කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරන් තියෙනවා කියලා ඇමතිතුමාලා හරහා තමයි ඒක ලබා ගන්න අවශ්‍ය කියලා. පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය 148, 149 වගන්ති වලින් පවරා තියෙනවා. ඒ මූල්‍ය බලය පරිහරණය කරන එක ක්‍රමයක් තමයි කාරක සභා හරහා ප්‍රශ්න කිරීම්, තොරතුරු විමසීම්, නියාමනයන් කිරීම් සිදුකිරීම. අපිට ස්ථාවර නියෝග වලින් දී තිබෙන බලතල මේ ආකාරයට උල්ලංඝනය කිරීමෙන් කාරක සභාවල පැවැත්මට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා.

මේ කාරක සභා හොඳ තත්ත්වයකින්, පවත්වගෙන යන්න අවශ්‍ය නම්, ඔබතුමා මැදිහත් වෙලා මේ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කාරක සභාවල වැඩ කටයුතු කරගෙන යාමේදී අපිට නිලධාරී දෙන්නයි ඉන්නේ. ඔවුන් ඉතාම මහන්සියෙන් වැඩ කරනවා. ලිපි ලේඛන ගණනාවක් කරනවා. නමුත් විධිමත් කාර්යාල පහසුකම්, දත්ත විශ්ලේෂණයට අවශ්‍ය දැනුම අපිට නැහැ. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට උපකාර කරන UND ආයතනය ඇතුළු ආයතන වලට කරුණු දැක්වූවා. අපි හැමෝම විශේෂඥයෝ නෙමෙයි විවිධ විෂයන් වල විශේෂඥභාවය ඒ සඳහා අවශ්‍යයයි. එය පාර්ලිමේන්තුවට කඩිනමින් ලබා ගන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා.

එම වාර්තාවෙන් රජයේ ආදායම් ආයතන තුන ගැන එනම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව පිළිබඳ නැගුන ප්‍රශ්න සම්බන්ධයෙන් ලබාදෙන විසඳුම් පිළිබඳව යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

”දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේදී කීවා 18 අවුරුදු වැඩි අය සියලු දෙනාටම ටැක්ස් ෆයිල් එකක් විවෘත කරනවා කියලා. දැනට දීලා තියෙන අපේ ප්‍රතිපත්ති මාලාව මත අඩු ගානේ ලක්ෂ 12 ටැක්ස් ෆයිල් අරින්න ඕනේ. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැඳවලා බැලුවහම ඒගොල්ලන්ගේ ක්‍රමවේද අනුව තව දශක ගාණකටවත් ඒ වැඩේ කරන්න බැහැ. ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගැටලුවක් හැටියට ‘Misinvoicing’ අඳුරගෙන තියෙනවා. ඒ ගැන Global Integrity Report එක අපට වාර්තාවක් ලබාදීලා තියෙනවා. ආසන්නයෙන් ඩොලර් බිලියන 2ත්, 3ත් අතර ගානක් වාර්ෂිකව රටින් එළියට යනවා. මේ රටේ මූල්‍ය අර්බුදයට එන්න ප්‍රථමව ගෙවුම් ශේෂයේ හිඟ ගානත් ඔය ඩොලර් බිලියන 2ක 3ක ගාණක්. ඒ කියන්නේ ආනයන, අපනයන ක්‍රියාවලියේදී සිදුකරන ක්‍රියාවක්. එයට අපි යම් යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා ඒවා කොහොමද විධිමත් කරන්නේ කියලා.

සුරාබදු දෙපාර්තමේන්තු කටයුතු පිළිබඳව විධිමත් විමර්ශනයක් පාර්ලිමේන්තුවේ කෙරෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ ස්ටිකර් ප්‍රශ්නය ගැන. ඔවුන්ට අපි පෙන්නුවා ව්‍යාජ ස්ටිකර් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි දැන් මේ ව්‍යාජ ස්ටිකර් පසුපස හඹා යන ක්‍රියාවලියක් සුරාබදු දෙපාර්තමේන්තුව අනුගමනය කරලා තියෙන්නේ. ඒ හරහා රටට අහිමි වෙලා තියෙන බදු ආදායම සෑම අරක්කු බෝතලයකින්ම රුපියල් 2,900 ක්. පාර්ලිමේන්තුව 2018 ඉඳන් යෝජනා කළා integrated platform එකක් පිළිබඳ ආදායම් පිළිබඳ ජාතික හැඳුනුම්පතට සම්බන්ධ කරලා. කෝපා ආයතනයෙන් ඒ වාර්තාව නිකුත් කළේ. ඒ පිළිබඳව ප්‍රගතිය ඉතාම කණගාටුදායකයි. අපේ ජීවිත කාලය ඇතුළතවත් එහෙම වැඩක් මේ රට ඇතුළේ ආදායම් දෙපාර්තමේන්තුවල සිදුකරන්න පුළුවන්ද කියන ගැටළුව පැන නැගිලා තියෙනවා. ඒ සඳහාත් අපේ යෝජනාවලියක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. මේ පිළිබඳව විවාදයක් ලබා දෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan