ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාවේ සමාරම්භක වැඩසටහන ඇමති ටිරාන්ගේ ප්‍රධානත්වයෙන්

Date:

ශ්‍රි ලංකා පොලීසියේ නිලධරයන්ගේ වෘත්තීමය දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඒකාබද්ධව ආරම්භ කරන ලද “ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාව” (BA in Applied Police Studies) සමාරම්භක උත්සවය 2023.09.04 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ වාර්තා කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේ පැවැත්විණි.

මෙහිදී මෙම උපාධි පාඨමාලාවට සහභාගී වීමට නියමිත ප්‍රථම පොලිස් නිළධාරීන් කණ්ඩායම ලියාපදිංචි කිරීමද සිදු කරන ලදී.

මෙම අධ්‍යාපනික ව්‍යාපෘතිය සඳහා උපාධි පාඨමාලාලාභීන් 150 දෙනෙකු සහභාගී වූ අතර වෘත්තීමය සහ ගුණාත්මක පොලිස් සේවාවක් ශ්‍රී ලාංකීය ජන සමාජය වෙත ලබා දීම සඳහා අවශ්‍ය මානව සම්පත නිසි සැලසුමකට අනුව සූදානම් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු ආචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...