පාස්කු සිද්ධිය යනු ලංකාව තුල ජාතිවාදී බල දේශපාලන ගේම් නිසා මිනිසුන් මරාදැමුණු එකම අවස්තාව නොවේ. මෙහිදී පාස්කු සිද්ධිය මෙතරම්ම ආන්දෝලනාත්මක සිදුවීමක් වන්නේ අන් කවරක්වත් නිසා නොව එය සිංහල සමාජය කුලප්පු කිරීමට ඇටවූ සහ එය ජාතියේ දියසෙන්ලා විසින්ම කරන ලද්දක් යැයි හෙලිවීම නිසා සිංහල බෞද්ධ අධ්‍යාත්මයට එය මාරාන්තික ලෙස රිදවනු ලැබූ නිසාය. (තාමත් දකුණේ බහුතරය ඇස්පනාපිට පෙනෙන්නට තිබියදීත් පාස්කු සිද්දියේ යතාව පිලිගන්ට මැලිවන්නේ ඒ නිසාය.)
පාස්කු ප්‍රහාරය හැර අනික් සියලු වර්ගවාදී ම්ලේච්ඡ ප්‍රහාර එල්ල උනේ දකුණේ බහුතර සිංහල සමාජයේ අනුමැතිය සහිතව යැයි මම කියමි. ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් වැන්නවුන් මරාදැමුනේ යුද්ධයේ නාමයෙක් සිදුවූ ප්‍රකෝටි ගනන් වංචා දූෂණ හෙලි කිරීම නිසාය. නමුත් එදා දකුණේ මහා සමාජය සිටියේ යුද්ධයේ වංචා දූෂණ සෙවීම පවා යුද්දයට කරන බාධාවක්ය යන ස්තාවරයේය. එබැවින් ලසන්ත සහ එක්නැලිගොඩ වැන්නවුන්ගේ බිහිසුනු ඝාතන දකුණේ මිනිසුන් තුට්ටුවකට වත් මායිම් කළේ නැත..
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිංහලයන් වීම නිසා දකුණේ මහජන වෛරය රාජපක්ෂවරුන් වෙත එල්ලවී ඇතත් ඒ රාජපක්ෂලා විසින්ම කළ තාමත් ගනන් හිලවු පවා නොදන්නා නන්දිකඩාල් සිවිල් වැසියන් ඝාතනයට දකුණේ සමාජය අද ද විරුද්ධ නැත.
භීෂක ක්‍රියාමාර්ග වලින් රට පාලනය කලා උවද එකී භීෂනයෙන් සුළු ජාතීන්ට මිසක තමන්ට බලපෑමක් එල්ල නොවන තාක් කල් එකී භීෂනයේ පාලනයට දකුණෙ සිංහල සමාජය එකඟය …
පාස්කු ප්‍රහාරය වැනි ම්ලේච්ඡත්වයක් තුලින් හැටනම ලක්ෂයක් ගෙඩි පිටින් ඔවුන්ගේ චන්ද මල්ලට පුරවාගැනීමට හැකි ජාතිවාදී සමාජ පසුබිමක් රටේ නොතිබුනා නම් චෞර පාලකයන් එවන් මිනීමරු උපායමාර්ගයකට යන්නේ නැත..
එනම් පාස්කු ප්‍රහාරය නමින් තමාගේම හිසමතට කඩා වැදී ඇත්තේ ද සිංහල සමාජය විසින්ම මෙතෙක් වපුල තමාගේම ජාතිවාදයේම අනියම් පංගුවකි..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN