විශ්වාසභංගයේ යටි අරමුණක් තියෙනවා  – විජිත හේරත්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසූවේ , සෞඛ්‍ය ඇමති විශ්වාස භංගයෙන් පැරදුනොත් ඒ තනතුර ගන්න විපක්ෂයේ කෙනෙක් කෙළ හලාගෙන බලා ඉන්න බවයි.

එම නිසා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි  විශ්වාසභංගයේ යටි අරමුණු ක්‍රියාත්මක වන බවද හේරත් මහතා කී අතර , ආණ්ඩුව සෞඛ්‍ය අර්බුදයක් නැතැයි කියන්න උත්සාහ කලත් ආණ්ඩුව රටේ සෞඛ්‍ය වට්ටමින් සිටින බව කී මන්ත්‍රීවරයා සෞඛ්‍ය ඇමතිවරයාම ඊට  වගකිව යුතු යැයි තමා කියන්නේ නැතැයි ද මෙය ආණ්ඩුවේම සෞඛ්‍ය  ප්‍රතිපත්තිවලට එරෙහි විශ්වාසභංගයක් බවද කීවේය.

අද වන විට හිතාමතාම සෞඛ්‍ය පද්ධතිය කඩා වට්ටවනවාද යන බරපතල සැකය ජනතාවට ඇතිවී තිබෙන්නේ යැයිද,  ජනතාව ආණ්ඩුවේ රෝහල්  වලට  යාම නතර කළොත්  අයි.එම්.එෆ් න්‍යාය පත්‍රයට අනුව පෞද්ගලීකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුවට අවස්ථාව ලැබෙන බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...