ඊයේ ආණ්ඩුවට 103යි. කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

Date:

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (08) දිනයේත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ය.

ඊයේ සහ පෙරේදා දිනවලදීත් මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වුණු අතර අදත් විවාද කර අද පස්වරු 05.00 ට එහි ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

ඖෂධ හිඟය, බාල ඖෂධ හේතුවෙන් රෝගීන් මරණයට පත්වීම, වෛද්‍ය උපකරණ හිඟය සහ යන්ත්‍ර බිඳවැටීම්, වෛද්‍ය හිඟය යනාදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගණනාවකට පිළිතුරු සැපයීමට කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නොහැකිවීම පිළිබඳව චෝදනා කරමින් සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ආණ්ඩු පක්ෂය පවසන්නේ මේවාට සෞඛ්‍ය ඇමතිවරයා වගකිවයුතු නැති බවත් මෙම විශ්වාසංභංගය ආණ්ඩුව බිඳවැට්ටවීම සඳහා විපක්ෂය කරන කුමන්ත්‍රණයක් බවත් ය.

කෙසේවෙතත් ඊයේ දිනයේ පැවති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයට හිමිව තිබුණේ ඡන්ද 103ක් පමණි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ එම ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද 40 දෙනෙකු පමණ එම ඡන්ද විමසීමට පැමිණ නොසිටි අතර අද දිනයේදී ඒ දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන් මෙම විශ්වාසභංග ඡන්ද විමසීමට පැමිණෙන ආකාරය අනුව ප්‍රතිඵලය තීරණය වනු ඇත. ආණ්ඩු පක්ෂය පවසන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාව ජයග්‍රහණය කරවන බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...