*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ග්‍රාමීය සංවර්ධනයට රජයෙන් බිලියන ගණනක මුදල් වෙන් කෙරෙයි

ග්‍රාමීය සංවර්ධනය නඟා සිටුවීම සඳහා රජය බිලියන ගණනක මුදල් වෙන්කර ඇති බවට වාර්තා වේ.

රාජ්‍ය ණය පහත වැටෙමින් තිබෙන වාතාවරණයක මෙසේ ග්‍රාමීය සංවර්ධනය සඳහා මුදල් වෙන්කර තිබෙන්නේ තිරසාර ආදායම් බලමුලුගැන්වීමේ සැලැස්මක් පවා නොමැති තත්ත්වයක තුළ බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ග්‍රාමීය සංවර්ධන කටයුතු සහ ප්‍රධාන අධිවේගී මාර්ග ඉදිකිරීම ඇතුළු මෙම දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති දියත් කිරීම සඳහා 2022 අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කරන ලද මූල්‍ය ප්‍රතිපාදන වලින් හෝ රාජ්‍ය ණය වලින් මුදල් වෙන් කළ යුතු බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙම තත්ත්වය තුළ, රජයේ බදු ප්‍රතිපත්තිය, ස්ථාවරත්වය පිළිබඳව 2019 දෙසැම්බර් මස ප්‍රකාශයට පත්කරන ලද පුළුල් පරාමිතීන් තුළ පවත්වා ගත යුතුය. එවිට ව්‍යාපාර සඳහා ස්ථාවර පරිසරයක් නිර්මාණය වනු ඇත.

විශේෂයෙන්ම වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය තුළ ඇණහිට ඇති බොහෝ ක්‍රියාවලීන් යළි යථා තත්ත්වයට පත්කිරීමට මෙය ඉවහල් විය යුතු බව විද්වතුන්ගේ මතයයි.

මේ අතර, කෘතිම බුද්ධිය (AI), මහා පරිමාණ දත්ත විශ්ලේෂණය ඇතුළු දියුණු තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් බදු පරිපාලන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබේ. මෙමඟින් බදු ගෙවන්නන්ට වඩාත් හිතකර ලෙස බදු අයකිරීමේ ක්‍රියාවලිය හඳුන්වා දීමට අපේක්ෂා කරයි.

බදු පැහැර හැරීම් අවම කිරීම ඇතුළු බදු පදනම පුළුල් කිරීමේ පද්ධති සකස් කිරීම සඳහා මාර්ගගත ගෙවීම් ක්‍රම සහ ඉලෙක්ට්‍රොනික අත්සන් හඳුන්වා දීම ද මෙම සැලසුම් වල ඇතුළත් ය.

බදු ව්‍යූහය තවදුරටත් සරල කිරීමේ පියවරක් ලෙස මෙම වසර මුල සිට ඒකාබද්ධ තනි බද්දක් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි.

රාජ්‍ය ව්‍යවසායන් හි (SOE) වැඩිදියුණු කළ කාර්ය සාධනය සමඟ බලපත්‍ර වෙන්දේසි කිරීම හඳුන්වා දීම, ලාභාංශ සහ බදු වැඩිකිරීම ඇතුළු රජයේ බදු නොවන ආදායම ඉහළ නැංවීමට ද පියවර ගනු ලැබේ.

අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කර ඇති රුපියල් බිලියන 931 ක ප්‍රතිපාදන, මාර්ග සංවර්ධනය හා අනෙකුත් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමාණවත් නොවන බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, අධික වියදම් සහිත ණය අරමුදල් සහිත සංවර්ධන මුලපිරීම් වළක්වාලමින් ඉකුත් වසරේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද නියෝගය නොතකා දේශීය හෝ විදේශීය ණය ලබාගැනීම් වලින් හෝ එවැනි ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමට සිදුවනු ඇත.

මෙම අධික වියදම් සහිත ව්‍යාපෘති අතර, ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙල යටතේ මෑත දින දියත් කරන ලද වැඩ ලක්ෂයේ ව්‍යාපෘතිය සහ කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන මධ්‍ය අධිවේගී මාර්ගයේ සිව්වන අදියර ඇතුළත් ය.

මෙම පසුබිම තුළ, අධිවේගී මාර්ග ජාලය දීර්ඝ කිරීමේදී විදේශීය දේශීය සමාගම්වලට ලබාදී ඇති කොන්ත්‍රාත්තු වෙනස් කිරීමට අනුමැතිය ඉල්ලා මහාමාර්ග අමාත්‍යාංශය දිගින් දිගටම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් සිටින බව ආරංචිමාර්ග සඳහන් කරයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වන අදියරේ ඉදිකිරීම් කටයුතු පළමුව ප්‍රදානය කෙරුනේ එක්සත් රාජධානියේ M/s Roughton International Ltd නම් සමාගමට වන අතර, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා UK Export Finance වෙතින් ණයක් ලබා ගැනීමට නියමිතව තිබුණි. එහෙත් මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදීම Roughton International විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර, මෙම හේතුවෙන් අදාළ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට මහාමාර්ග අමාත්‍යංශය කටයුතු කළේය.

ඒ වෙනුවට, ගලේවෙල දක්වා ඇති දුර සීමාකරමින් අදාළ කොන්ත්‍රාත්තුව නැවත චීන සමූහ ව්‍යාපාරයකට ප්‍රදානය කරන ලදී.

කෙසේවෙතත්, නියමයන් සහ කොන්දේසි සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මේ වන විට, රඹුක්කන සහ ගලගෙදර දක්වා ඇති අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව, තෝරාගත් ලංසුකරු වන MCC චීන සමාගම වෙනුවට දේශීය සමාගමකට ලබා දී ඇති බව නිල ලේඛනවලින් අනාවරණය වේ.

රජය විසින් බැංකුවලින් ලබා ගත් මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 5000 පමණ වන අතර, මෙම අගය එහි ණය කළඹෙන් සියයට 52 කි.

සෙලෙන්දිවා සමාගමේ වත්කම් ඇපයට තබා පෞද්ගලික කොටස් ආයෝජන සහ ණය සමාගමකින් මාර්ග සංවර්ධනය සඳහා මුදල් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙල යටතේ වසරක කාලයක තුළ ක්‍රියාත්මක කරන්නේ යැයි කියන වැඩ ලක්ෂයේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 100 ක මුදලක් අවශ්‍ය ය. මෙම දැවැන්ත ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක 25ක ග්‍රාමසේවා නිළධාරි වසම් 14,000ක ගම්මාන 36,000ක් ආවරණය කරයි.

මේ සඳහා අවශ්‍ය මුදල රැස්කිරීමට අයවැයේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින්, අලුතින් පනවා ඇති සියයට 25 ක අධිභාර බද්දෙන් රුපියල් බිලියන 71 කට අධික ආදායමක් භාවිතා කිරීමට මුදල් අමාත්‍යංශයට සිදුවනු ඇත.

2022 වසරේ දී රජයේ ආදායම රුපියල් බිලියන 2,284 දක්වා සියයට 46 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සම්බන්ධයෙන්, ලාභ මත අධිභාර බද්ද, සමාජ ආරක්ෂණ දායකත්වය සහ මූල්‍ය වැට් බද්ද ඇතුළු නව බදු සහ බදු ඉහළ දැමීම් කිහිපයක් යෝජනා කෙරේ.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan