ඇමති විමල්ගෙන් ගොරකා වැඩක් – ඇමරිකානු කොකාකෝලා වෙනුවට දේශීය ගරක් කෝලා !

Date:

‘නෙල්ලි කෝලා’ නිෂ්පාදකයා වන පානදුර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන ජනගත කිරීමේ උත්සවයක් පසුගිය 11 වනදා පානදුර නගර ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී ගොරකා ආශ්‍රිත කෝලා පානයක් වන ‘ගරක් – කෝලා’ සහ තල් ආශ්‍රිත කෝලා පානයක් වන ‘තල් – කෝලා’ යන නව නිෂ්පාදන ජනගත කිරීම සිදුවිය.

මෙම නව නිෂ්පාදන ජනගත කිරීමට අමතරව ‘maa Product’ ආයතනය ‘ගෞරව උත්තමාචාර ප්‍රණාම උළෙලක්’ ද සංවිධානය කර තිබූ අතර එහිදී ‘කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනයට ගන්නා පියවරයන් අගයමින්’ විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය.

එසේම ආතර් වී. දියෙස් ශ්‍රීමතාණන් අගයමින් සම්මාන පිදීමක් සිදු වූ අතර එය එතුමන්ගේ මී මුණුපුරු වෛද්‍ය එරංග පතිරණ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා, ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරිශ්චන්ද්‍ර, ප්‍රවීණ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පී ලයනල් පීරිස්, ප්‍රවීණ නිර්මාණවේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලයනල් බෙන්තරගේ යන මහත්වරු ද මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

පැමිණි ආරාධිතයන් පිළිගැනීම ‘maa Product’ සමාගමේ සභාපති මුදිත සමනක්කොඩි මහතා විසින් සිදු කළ අතර මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක යන මහත්වරු ද එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...