*
Monday, October 7, 2024
spot_img

Latest Posts

කෝපා කෝපයේ සෝපාහාසය…

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂක දූරය දරන අයි.පී.විජේරත්න මීට පෙර අවස්ථාවක කොළඹින් පිට නැවතී සිටින මලල ක්‍රීඩකයන්ට ආහාර දීමනාව ලබා නොදෙන හේතුව විමසූ අවස්ථාවේ එය මාධ්‍යයට හෙළිදරව් කළ නොහැකි දෙයක් බව පැවසුවේය.ඔහු පමණක් නොව ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බොහෝ දෙනා කෝපා කමිටුව ඉදිරියේදී එම කමිටුව අසන ප්‍රශ්නවලට පිළිතුරු නොදී සිටියේ ඇතැම් විට දත්ත තිබුණ ද,ඒවා රහස් ලෙස ආරක්ෂා කළ යුතු නිසා විය හැකිය.
ඩයනා ගමගේ කෝපා සාමාජිකාව ඔලිමිපික් තරගයකට ඇතුළත් වන ඉසව් ගණන පවසමින් ක්‍රිඩා අමාත්‍යංශය හෝ සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එය නොදැන සිටි බවට අපහාස මුඛයෙන් කතා කළ ද,සමහර විට එය නිලධාරීන් විසින් මන්ත්‍රීවරියට නොපවසා රහසක් ලෙස තබාගෙන සිටියා වන්නට ද හැකිය.
අප උපහාසයෙන් එවැනි පිවිසුමක් ලබා ගත්ත ද නිලධාරින් රකින මුනිවත හරහා කියා ගන්නට බැරි රහස් රැසක් තිබිය හැකිය.ඒ නිලධාරීන් බොහෝ දේ කර ඇත්තේ එම ආයතනවල ඉහළින් සිටින දේශපාලන මහජන නියෝජිතයාට අනුව විය යුතුය.


එහිදී 2015 වසරේ සිට 2022 දක්වා ව්‍යාපෘති 26 ක් කර ඉන් 17 ක් භාර දී ඇති බව සඳහන් වුව ද,භාර දී තිබෙන ඒවා වැඩට යොදා ගැනීමට නොහැකි තත්ත්වයේ තිබෙන බවත්,මේ සඳහා වැය කළ ඇති මුදල රුපියල් මිලියන 1588 ක මුදලක් බවත් එහිදී හෙළිදරව් විය.මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පාර්ලමේන්තු නියෝජිතයන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තර සහ අසරණ වූ අතර ජනමාධ්‍ය හරහා සමාජයට විවෘත වූයේ එම නිලධාරීන්ගේ අකාර්යක්ෂමභාවය ය.
මේ කාල වකවානුව ඇතුළත සකස් කරන ලද ව්‍යාපෘති බොහොමයක් තනා ඇත්තේ කොහේද යන්න සහ ඊට එවකට සිටිය අමාත්‍යවරුන්ගේ උපදෙස් සහ නියෝග බල පෑ බව මේ නිලධාරි කිසිවෙකු මෙහිදී ඉදිරිපත් කරන්නට බිය වූයේ සිය පාර්ලිමේන්තු සඟයන් සම්බන්ධයෙන් විවේචනයක් එල්ල වූයේ නම් කෝපා ව තවත් කෝපාවිශ්ඨ වේදැයි සැකයෙන් ද යන්න ද සිතා බැලිය යුතුය.


ඉතාම ඉහළින් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් දක්වන ක්‍රීඩා නීතිය සහ එම පණතේ ප්‍රකාරව ජාතික ක්‍රීඩා සභාව වැනි ආයතනවලට අමාත්‍යවරයාට උපදෙස් දීම සඳහා පත් කරගෙන සිටින ඇතැම් නිලධාරීන්ට ක්‍රීඩා පණතේ දක්වා ඇති කරුණුවලට අනුව ගත් විට එහි සාමාජිකත්වය දැරිය හැකි ද? මේ සියලු නිලධාරීන් එවැනි පත්කිරීම් ඉවසා සිටින්නේ ඇමති බයපක්ෂපාතීත්වය පදනම් කර ගෙනය.නමුත් එවැනි අයගේ තීරණවලට එකඟ වීම පණත ප්‍රකාරව වැරදිනම් නීත්‍යානුකූලව කවදා හෝ ඊට පිළිතුරු බැදීම පැවරෙන්නේ අමාත්‍යවරයාට නොවේය.රෙදි ගලවාගෙන මෙවැනි සභා මැද පිළිතුරු දිය යුත්තේ නිලධාරීන්ය.නමුත් සම්ප්‍රදායක් හැටියට මෙහි සිටි දීර්ඝ කාලයක් ක්‍රිඩා අමාත්‍යංශයේ සේවය කරන නිලධාරීන් බොහෝ විට සිය වෘත්තීය ජීවිතයේ කර ඇත්තේ අමාත්‍යවරුන්ට අවශ්‍යය දේ කර දීමය.ක්‍රීඩාවට අවශ්‍යය දේ සිය දැනුමෙන් විග්‍රහ කර,ව්‍යාපෘති සක්ස කර රටේ ක්‍රීඩාවේ අවශ්‍යයතා වෙනුවෙන් අමාත්‍යවරයාගේ ආශිර්වාදය අනුව ක්‍රියාවට නැඟීම නොවේය.


අප විසින් නිරන්තරයෙන් ක්‍රීඩාවේ වැරදි කෝපා කමිටුව ඉදිරියේ ප්‍රශ්න කිරීමට යන්නට පෙර පාර්ලිමේන්තුවට යෝජනා කර සිටින්නේ ජාතික ක්‍රීඩා සභාව වැනි රටේ ක්‍රීඩාව හා සබැඳි කමිටුවක් පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතු බවය.එවිට සෑම දේශපාලන පක්ෂයක්ම ක්‍රීඩාව ගැන අවධානයෙන් තීරණ ගත යුතු අතර ආණ්ඩුවල පාට ක්‍රීඩාවේ තීරණ වූ විට ක්‍රීඩාවට වෙන හානිය වැළක්වෙනවා ඇත.නැතිනම් ක්‍රීඩාවේ සක්‍රීය තීරණ ගන්නේ සහ ඒවා තීරණය කරන්නේ සහ අමාත්‍යවරයාට ඒ වෙනුවෙන් මඟ පෙන්වීම ලැබෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිමතය පරිදි පත් කර ගත් කණ්ඩායමකින්ය.අමාත්‍යවරයා දේශපාලන පක්ෂයක නියෝජතියෙක් නොවන නිසා එම තීරණවලට ලැබෙන ආශිර්වාදය ද යම් දුරකට හෝ දේශපාලන විය හැකිය.


මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ යුතුව තිබුණු වැදගත්ම කාරණය දැනට ජාත්‍යන්තර තහනම්ට ලක් වී තිබෙන ක්‍රීඩා,තහනම් කර ඇත්තේ එම ජාත්‍යන්තර සංගමය දේශපාලන අත පෙවීමක් තිබෙන බව විශ්වාස කිරීමය.මෙම කාරණාවල ඉතිහාසය ද අමාත්‍යංශයේ උදහසට ලක් වූ නිලධාරීන්ද,දේශපාලන තීන්දු ගත් අමාත්‍යවරුන් ද,ඉහළ අමාත්‍යංශ සහ සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් ද සම්මුඛ කර සාකච්ඡාවය භාජනය කළ යුතුය.


නමුත් මෙහිදී වැදගත්ම කාරණය වූයේ පැමිණ සිටි අමාත්‍යංශ නිලධාරීන් මෙන්ම සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් ද,කිසිඳු වගවීමක් නැතුව කෝපා හමුවේ පෙනී සිටිය බව හඳුනා ගන්නට ලැබීමය.ඇත්තටම මෙහි වසර ගණනක් පල්වෙන නිලධාරීන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේම සේවය කරනු විනා අඩුම තරමේ පළාත් සභාවක හෝ සිය තනතුරේ ක්‍රියා කර නැත.ඔවුන්ට ඇති පටු සීමාවේ දී සිඳුවන්නේ ජාතික වගකීම් දරණ තැන්වලට යොමු වීම පමණක් වන අතර රාජකාරිය වන්නේ අමාත්‍යවරයාට අවශ්‍යය සේ ක්‍රීඩා කිරීමය.ඒ නිසා ක්‍රීඩාව ලෙස ඇති බර දැනුම රහිතව ක්‍රීඩා සමඟ සෙල්ලම් සිඳුවන සෙල්ලම් ව්‍යාපෘති එළියට එන අතර ඒවා අයිසින් ඉවත් කළ පසු මදය හැටියට දේශපාලනය විශාල ලෙස ඉතුරුව පෙනෙන ව්‍යාපෘතිය.
නමුත් .තමන්ගේ හෘද සාක්ෂියේ ඇති අසමත්භාවයේ එක කොටසක් නියෝජනය කරන්නේ තමන්ට ලැබෙන දේශපාලන නියෝගවල ඇති ක්‍රීඩාමය නොවන කරුණු නිසා බව මේ කිසිවෙක් කෝපා නොව,දෙවියන් වහන්සේ විමසා සිටිය ද නොපවසනු ඇත.එයට සමහර විට කුඩු කෑ විත්ති ද බල පෑ හැකිය.නමුත් වඩාත් තමන් අමාත්‍යවරයාගේ වරප්‍රසාද ලබන පුද්ගලයෙක් වන්නේ සහ තවත් අමාත්‍යවරු ඒ වරප්‍රසාද ලබා දෙන්නට කැමති වන්නේ යටහත්ව පහත්ව ක්‍රීඩාව හැටියට පත් වී එන ක්‍රීඩා ඇමතිවරයා ක්‍රීඩාවට අවශ්‍යය විදිහට මෙහෙයවීමෙන් නොව ක්‍රීඩා අමාත්‍යවරයාට අවශ්‍යය විදිහට ක්‍රීඩාව මෙහෙයවීමෙන් බව මේ නිලධාරීන් තේරුම් ගෙන සිටින බැවින්ය.


ඒ නිසා තව මාසයකින් පැමිණිය ද මේ අසාර්ථක බව කියන කිසිඳු කාරණයකදී එය අමාත්‍යවරයා විසින් දුන් උපදෙස් මත ගත් තීරණයක් බව මේ නිලධාරින් කියනු ඇතැයි සිතිය නොහැකිය.එවිට කෝපා කමිටුවේ ඉන්න පිරිස් ද අමාත්‍යවරු විෂය සම්බන්ධයෙන් ප්‍රවීනයන් නොවන නිසා අමාත්‍යවරුන්ට නිසි මඟ පෙන්වීම කළ යුත්තේ නිලධාරීන් බව ද සිහිපත් කර සිය මහජන නියෝජිත කුලකයේ කුණු අතුල්ලා පිරිසිදු කර දෙන්නට පියවර ගනු ඇත.
අඩුම තරමේ සමාජය ඉදිරියේ මේ ආකාරයට රෙදි ගැලවී යාම ගැන මේ කිසිවෙක් ලැජ්ජාවට පත් නොවනවා ඇත.ඔවුන් බබාලන්තයේ ආකාරයට හැසිරෙන්නේ අකමැත්තෙන් නොවේය.හොකී ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් ප්‍රමිතියට නැති බව කී විට,එය සුළු කාලයකට පෙර එම සංගමයට භාර දුන් පවසන්නේ ඉතාම සරල විදිහට එම ක්‍රීඩා පිටිය සම්බන්ධයෙන් ඇති වගකීමෙන් නිදහස් වෙමින්ය.නමුත් ඉදිකර භාර දුන් බව පිළිතුරෙන් ද කියැවෙන නිසා අමාත්‍යංශය අධීක්ෂණය යටතේ ක්‍රීඩාවේ ප්‍රමිතියට නොගැලපෙන ඉදිකිරීමක් කර ඇත.රටේ ක්‍රීඩාවේ ප්‍රතිපත්ති සම්පාදනය වන අමාත්‍යංශයේ ක්‍රීඩා දැනුම එබදු බව හෙළිවීම ගැන ඔවුන්ට කම්පාවක් නැත.තමන් එහි දායකයෙක් වීම ගැන කම්පාවක් ද නැත.ක්‍රීඩාවට නිලධාරින්ගෙ ආදරය එබඳුය.
එසේම, කෝපා කමිටුව ද අවංකව ප්‍රශ්න කරන්නේනම් මේ කමිටුව හරහා අදාළ කාල සීමාවේ අසාර්ථක ව්‍යාපෘති හඳුනාගෙන නිලධාරියා මස් කරන අතරම එම කාලයට අදාළ අමාත්‍යවරයා කවුරුද යන්නත්,මේ ව්‍යාපෘතියට අමාත්‍යවරයාගේ මැදිහත්වීමේ ස්වභාවය කවරේද යන්නත් විමසා බැලිය යුතුය.එය එසේ විය හැකිද? ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රශ්න කරන දේශපාලනඥයන් ද,තමන්ට වගකීමක් පැවරි අමාත්‍යංශවල විෂය ප්‍රවීන නිලධාරීන්ගේ උපදෙස් මත වැඩ කර ඇද්ද?නැතිනම් තමන්ගේ අවශ්‍යයතාවය සඳහා නිලධාරීන් යොදවා ඇද්ද කියන එක කෝපා සාමාජිකයන්ගේ හෘද සාක්ෂියද ප්‍රශ්න කිරීම්වලට ලක් වනු ඇත.
නිලධාරීන් මීට වඩා ඉහළ ලැජ්ජා සහගත තැනකට වුව යාමට සූදානම්ව දිගින් දිගටම මේ ආකාරයට කටයුතු කරන්නේද යන්න ගැන සිය හෘදය සාක්ෂියට එකඟව තීරණය කළ යුතුය.රාජකාරි වගකීමේ දිග පළල නොතකා වැඩ කරන අයෙක්ගේ ඉහළම ලැජ්ජා සහගත තැන කෝපාවම නොවන බව අවබෝධ කර ගැනීම වැදගත් වන අතර තමන් ක්‍රියා කරන්නේ මහජන දේපළ සහ මහජන අයිතිවාසිකම් සමඟ යන්න ඉදිරි සිතීම සඳහා සිහිපත් කර දෙනු කැමත්තෙමු.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan