ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා තවත් එපා – වෙනිසියුලාවෙන් ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ස්ථායි කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට තවදුරටත් උපකාර කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සඳහන් කළේය..

විවාදය අතරතුර දී ශ්‍රි ලංකාවට පක්ෂපාතව අදහස් ප්‍රකාශ කරමින් වෙනිසියුලාව සදහන් කළේ මින් ඉදිරියට ශ්‍රී ලංකාවට එරෙහි කිසිදු යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ඒමෙන් වැළකිය යුතු බවයි.

2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී මෙම මානව හිමිකම් කොමිසමට ඉරිපත් කළ 51 / 1 යෝජනාවේ ලිඛිත ප්‍රගතිය කොමිසමට ඊයේ ඉදිරිපත් කෙරුණි.

එහිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සදහන් කළේ ශ්‍රී ලංකාව තවමත් හටගෙන ඇති අභියෝගවටල සාර්ථකව මුහුණ දී නොමැති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දූගී භාවය තවදුරටත් ඉහළ ගොස් ඇති අතර 37%ක ප්‍රමාණයක් ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දී සිටින බව ද ඇය කරන ලදී.

පාස්කු ප්‍රහාරය ඇතුලු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන වේගවත් කිරීමට රජය පියවර ගත යුතු බව ද නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය කියාසිටියාය.

නියෝජ්‍ය මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශයට පිළිතුරු සපයමින් ජීනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය සදහන් කළේ 46 / 1 හා 51 / 1 යන යෝජනා ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බවයි. එමෙන්ම ලිඛිත ප්‍රගතිය, නිගමන හා නිර්දේශයන් ප්‍රතික්ෂේප කරන බව ද ඇය කොමිසම හමුවේ ප්‍රකාශ කළාය.

එබැවින් ශ්‍රී ලංකාවට විරුද්ධව ඉදිරිපත් කර ඇති යෝජනාවන්වලට සහාය දැක්වීමෙන් වැළකී සිටින ලෙස ඇය සාමාජික රටවලින් ඉල්ලා සිටින ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...