ත්‍රස්ත විරෝධී නව පනත අද හෙටම ගැසට් වෙන ලකුණු!

Date:

කොළඹ LNW :ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.

පිළිගත් ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව, මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන සහ ජනතාවගේ මානව හිමිකම් සුරැකෙන ආකාරයට සමතුලිත නීතියක් ගෙන ඒමේ අරමුණින් එය සකස් කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පළමුවෙන්ම ඉදිරිපත් කර තිබුණේ 1979දී වන අතර එම පනත ඉදිරිපත් කර තිබුණේ මාස හයකට වැනි කෙටි කාලයකට වන නමුත් රටේ පැවති තත්ත්වය තවදුරටත් උග්‍රවීම නිසා එය මේ වන තුරු බලාත්මකව පැවතුන බවයි සබ්‍රි මහතා කියාසිටින්නේ.

කෙසේවෙතත් ඊට විවිධ පාර්ශ්වවලින් විවේචන ද එල්ල වුණ බවද ඔහු සඳහන් කරයි.

2019දී සිදු වුණ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර හේතුවෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක අවශ්‍යතාව මතු වූ බවයි හෙතෙම පවසන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලිහිල් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට පසුගිය වසර දෙක තුන තුළ කටයුතු කළ බව සඳහන් කළ ඇමැතිවරයා සඳහන් කරන්නේ ඒ යටතේ අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණය අඩු වුණ වූ බවත් නමුත් නව පනත යටතේ මහේස්ත්‍රාත්වරයකුගේ අවසරයකින් තොරට දින 60ක් රඳවා ගෙන ප්‍රශ්න කිට්මට හැකියාව තිබෙන බවත්ය.

ඔවුන් රඳවා තබා ගත හැක්කේ නීත්‍යානුකූලව රඳවා තබා ගැනීමට අවසරය ඇති මධ්‍යස්ථානවල පමණක් බවත් හෙතෙම කියාසිටියි..

ඒ අනුව පැය 48ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු වෙත කරුණු ඉදිරිපත් කළ යුතු වන බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (13) “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ඊයේ (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...