*
Monday, May 13, 2024
spot_img

Latest Posts

ජනතාව අපහසුතාවට පත කළා කියල වෘත්තීය ගැටළු විසදෙන්නේ නැහැ – චම්පික

කොළඹ LNW:ආණ්ඩුව සහ වෘත්තීය සමිති අතර ගැටුම් නිසා බලගතු අපහසුතාවකට ලක් වන්නේ දුම්රියේ ගමන් කරන සාමාන්‍ය ජනතාව බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ප්‍රවාහන ඇමතිවරයාගේ සහ දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා මෙන්ම වෘත්තීය සමිතිද වගකීමෙන් ක්‍රියා කළ යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රටේ සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත්වීමෙන් වෘත්තීය ගැටළු නිරාකරණය නොවන අතර අවසානයේ සිදුවන්නේ රජය සහ වෘත්තීය සමිති අතර ගැටුමක් නිර්මාණය වීම බවයි හෙතෙම ප්‍රකාශ කරන්නේ.

“ඇත්තටම ලංකාවේ දුම්රිය සේවය අද පාවිච්චි කරන්නේ රටේ ඉතාමත් ම දුප්පත් ම ජනතාව. දැනට දුම්රිය සේවය සාමාන්‍යයෙන් පාවිච්චි කරන මගී ප්‍රමාණය ගත්තම 5% ක් විතර. ඉස්සර නම් දුම්රිය පාවිච්චි කළා 30% කට වැඩි ප්‍රමාණයක් ඉතින් මෙතන තියෙනවා දෙපැත්තෙ ම වගකීමක්. ආණ්ඩුව පැත්තෙන් ප්‍රවාහන ඇමතිගේ, ඒ වගේම දුම්රිය සාමාන්‍යාධිකාරිගෙ වගකීමක් තියෙනවා විවිධ වෘත්තීන් ගණනාවක් දුම්රිය සේවයේ මේ අසාර්ථක සේවයට වග කියන්න ඕනේ. ඒ සේවාවන් ගණන එක්ක සම්බන්ධ වෙලා, ඒගොල්ලන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන සංවේදී වෙලා කටයුතු කිරීමේ හැකියාව, ප්‍රවාහන ඇමතිට, ඒ වගේම දුම්රිය සාමාන්‍යාධිකාරී අයට තියෙන්න ඕන. අනිත් පැත්තෙන් වෘත්තීය සමිති වලටත් තියෙන්න ඕනේ, බලගතු වගකීමක්, හදිස්සියේ එක පාරට මෙහෙම ප්‍රකාශ කළහම, දරුවෝ, ඒ වගේම පාසල් දරුවෝ, ඒ වගේම රජයේ රැකියාවන් වලට යන, මේ රටේ සාමාන්‍ය මිනිස්සු ඉතාමත්ම බලගතු අපහසුතාවයන් වලට පත්වෙන බව. ඒකෙන් ඒගොල්ලන්ගේ වෘත්තීය අයිතිවාසිකමේ ඉලක්ක සැපිරෙන්නෑ. ඊට වඩා බොහොම ඛේදජනක තත්වයන් තමයි ඇතිවෙන්නේ. ඉතින් ඒක නිසා, වෘත්තීය සමිති බොහොම නරක හැඟීමක් රටේ ඇතිවෙන එක තමයි වෙන්නේ. ඉතින් මේ දෙගොල්ලෝ අතරේ එකඟතාවයෙන් වැඩ නොකිරීමේ ප්‍රතිඵල හැටියට තමයි ඕවගේ අවාසනාවන්ත සිදුවීම් වෙන්නේ. රජය අතර ගැටුමක් ඇතිවීම අනිවාර්යෙන්ම.

දැන් මේ වෙලාවේ ජනාධිපතිවරයාගේ වගකීම විය යුත්තේ මේ රට මූල්‍යමය වශයෙන් ස්ථාවර කරන්න මේ ඉස්සරහට වැඩ කරන එක. ඒ කියන්නේ දැන් අපට තියෙනවා විදේශ අපේ ණය හිමියොත් එක්ක ගිවිසුම් ගත වෙන්න. මේ රට මූල්‍යමය වශයෙන් ස්ථාවර කරගන්න. රටේ කොහෙවත් වෛද්‍ය හිඟයක් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. වෛද්‍ය විද්‍යාල අඩුවක් නෑ. දැන් කුරුණෑගලටත් වෛද්‍ය විද්‍යාලයක් ඇවිල්ලා තියෙනවා. රත්නපුරේටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම වෛද්‍ය විද්‍යාල අඩුවක් වෙලා නෑ. ඒකට දරුවන්ගේ උනන්දුවේ අඩුවක් වෙලත් නෑ. එතකොට මේ කරන්න වෙන මොකක්වත් නෙවෙයි ආයෙත් වතාවක් අසහනයට පත් වෙලා ඉන්න මේ රටේ දුකට පත්වෙලා ඉන්න, කේන්තියෙන් ඉන්න තරුණ පරම්පරාව කුලප්පු කරගෙන ගේන්න යන වැඩපිළිවෙලක්. අපට මතකයි ජයවර්ධන ජනාධිපතිතුමා හයෙන් පහක බලයක් තියාගෙන, ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා අධ්‍යාපන ඇමති වෙලා ඉන්නකොට, උතුරු කොළඹ, රාගම වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවන්න ගිහිල්ලා, රටේ ශිෂ්‍යයන්ගෙ කැරැල්ලක් බවට ඒක පත්කරගෙන, ශිෂ්‍යයොත් ඝාතනය වෙලා, දේශපාලකයොත් ඝාතනය වෙලා අන්තිමට ඛේදවාචකයකින් කෙළවර වෙලා ඒක රජයේ විශ්ව විද්‍යාලයක් බවට පත් කරන්න සිද්ධ වුණා. ඊළඟට මේ යහපාලන ආණ්ඩුව කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා ආරම්භ කරපු සයිටම් විශ්ව විද්‍යාලය නිසා යහපාලන ආණ්ඩුව ඉතාමත්ම නරක විදිහට අපකීර්තිමත් තත්වයකට පත් වුණා. ඉතින් ඒක නිසා මේ වෙලාවේ මේ පුද්ගලික විශ්වවිද්‍යාල තැන තැන ඇති කරන එක නෙමෙයි ප්‍රශ්නෙ, මොකද ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කරනවයි කියන අයට එහෙම එකක් ඇති කිරීමේ කුත් නෑ. ඒ ප්‍රමිතියකුත් නෑ. දැනට අපි කළ යුතු වන්නේ දැනට තියෙන විශ්ව විද්‍යාලවල ප්‍රමිතිගත ස්වභාවය වෙනස් කරලා අවශ්‍ය නම් මේ ඉසෙඩ් කෝර් එක නිසා දිස්ත්‍රික් පදනම නිසා අහිමි වෙන අය ඉන්නවා කුසලතාව තියෙන අය අහිමි වෙන අය ඉන්නවා. අන්න ඒගොල්ලන්ට රජයේ විශ්‍ව විද්‍යාල අවස්ථාවක් ලබා දෙන එක තමයි කළ යුතු දේ වන්නේ. ඒ ඇරෙන්න මේකෙන් නම් වෙන්නේ අසහනයට පත් වෙලා ඉන්න වෛද්‍ය වෘත්තිකයෝ විශේෂඥ වෛද්‍යවරු හා රජයේ වෛද්‍යවරුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයොත්, වෛද්‍ය ශිෂ්‍යයොත් සටනට කැඳවා ගැනීමක් තමයි වෙන්නේ.” යනුවෙන් රණවක මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan