දකුණු ඉන්දියාවේ මාරාන්තික වෛරසයක් පැතිරේ

Date:

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොසිකෝඩ් දිස්ත්‍රික්කයේ නිපා නමින් මාරාන්තික වෛරසයක් පැතිරෙමින් පවතින බව වාර්තා වේ.

නිපා යනු ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන zoonotic වෛරසයකි.

එය දූෂිත ආහාර හරහා හෝ මිනිසුන් හරහා සෘජුවම එකිනෙකාට සම්ප්‍රේෂණය වේ. රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන එක්සත් ජනපද මධ්‍යස්ථානවලට අනුව, රෝග ලක්ෂණ බොහෝ විට හිසරදය සහ නිදිබර ගතිය සමඟ ආරම්භ වන නමුත් දින කිහිපයක් ඇතුළත ඉක්මනින් කෝමා තත්ත්වයට පත්වේ. එය උග්‍ර ශ්වසන අපහසුතා හා මොළයේ එන්සෙෆලයිටිස් තත්වයක් දක්වා වර්ධනය වේ.

මේවන විට වෛරසය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පාසල් වසා දමා 700කට අධික පිරිසක් පරීක්ෂාවට ලක් කරමින් සිටියි. කේරළ ප්‍රධාන අමාත්‍ය පිනරායි විජයන් ප්‍රවේශම් සහගතව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා තිබේ.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද (11)...

ආපදා තොරතුරු රැස්කරන්න විපක්ෂයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාව සම්බන්ධයෙන්...

ආයෙත් හිතමු…

ඇත්තටම අපේ රට සමස්තයක් හැටියට ලස්සන සුන්දර රටක්. ආපදා...

අද විපක්ෂයෙ දේශපාලනය සෝදා පාලුවට ලක් වෙලා – වමේ කේන්ද්‍රය

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඊයේ (10) දින...