ගල්ඔය වැවිලි සමාගමෙන් විශිෂ්ඨ සේවයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගම (GOPL) විසින් රු. බිලියන 12 ක අති නවීන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට පියවර ගෙන ඇත. මෙම වර්තමානයට වඩාත් ඵලදායී ව්‍යාපෘතිය මගින් දිනකට උක් මෙට්‍රික් ටොන් 4,500ක් පමණ යොදාගනිමින් මෙගාවොට් 8.75ක දැවැන්ත විදුලියබලයක් ජනනය කිරීමටත්, මෙගාවොට් 5කින් එම සමාගමේම මෙහෙයුම් සඳහා ඉන්ධන සැපයීමටත් නියමිත බව පවසයි.

මෙම ඵලදායී ව්‍යාතිය පිටුපස ඇති ශක්තිය, ගල්ඔය වැවිලි සමාගමේ විධායක අධ්‍යක්ෂ දනේෂ් අබේරත්න මහතාය. ඉඟිනියාගල සේනානායක සමුද්‍රය ජලාශයේ විදුලි බලාගාරයේ මෙගාවොට් 15 ක දැවැන්ත විදුලි බලයක් ජනනය කරන නමුත් එම විදුලි නිෂ්පාදනය අභිබවා යාමට මෙම ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගමට ශක්තියක් ඇති බවත් ඒ අනුව මෙම ව්‍යාපාරයේ වැදගත්කම දනේෂ් අබේරත්න මහතා අවධාරණය කරයි.

2025 වන විට මෙම ව්‍යාතිය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමේ ඉලක්කයක් ඇතිව මෙම කටයුත්ත සඳහා මුල්ගල තැබුවේ පසුගිය මාසයේදීය. 2007 හි තිබූ හිඟුරාන සීනි කර්මාන්තශාලාව නැවත පණ ගැන්විමට ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගම විශාල කැපකිරීම් සහ අභියෝග වලට මුහුණ දුන් බව අබේරත්න මහතා පවසයි. කෙසේ වෙතත්, අධිෂ්ඨානය සහ කැපවීම තුළින් දේශීය සීනි නිෂ්පාදන ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් කලක් අඩපණ වෙමින් තිබූ සීනි කර්මාන්තය යළි පණ ගැන්වීමට ඔවුන් සමත් වී ඇත.

ඔවුන්ගේ ගමන ආරම්භයේදී බාධක සහිත ගමනක් වී ඇති අතර, මීට පෙර සිටි කළමණාකාරීත්වය විසින් සිදුකළ මූල්‍ය අවභාවිතය හේතුවෙන් දේශීය බැංකු ණය සුරක්ෂිත කර ගැනීමට මුලදී නොහැකි වී ඇති අතර, ගල්ඔය වැවිලි සමාගම විසින් ඔවුන්ගේම කණ්ඩායම තුළම අරමුදල් කළමනාකරණය කර ගැනීමට පියවර ගෙන ඇත. තවද, අතීතයේ නැවත නැවතත් කඩා වැටුණු උක් වගාකරුවන් අතර විශ්වාසය යළි ගොඩනැගීමේ සියුම් කාර්යයට ඔවුන් මුහුණ දුන්හ.

අබේරත්න මහතා ඇතුළු කණ්ඩායම මෙයට යොමු වූයේ ගොවීන් තම වෙහෙස මහන්සි වී වැඩ කරමින් ලබාගන්නා අස්වන්න සැබවින්ම මිලට ගන්නා බවට සහතික වෙමින් ඉදිරි මිලදී ගැනීමේ ගිවිසුම්වලට එළඹීමෙන් අනතුරුවයි.

බොහෝ උක් වගාකරුවන් වී වගාවෙන් උක් ගොවිතැනට මාරු වී ඇති අතර . ඔවුන් එයින් සැබෑ අස්වැන්නක් ලබා ගන්නා බවද සභාපතිවරයා පවසයි.

සීනි අවශ්‍යතාවයෙන් 87%ක් ආනයනය මගින් සපුරාලන ජාතියක, දේශීය සීනි නිෂ්පාදන ක්ෂේත්‍රයට 36% ක විශිෂ්ට දායකත්වයක් ලබාදීමට ගල්ඔය වැවිලි සමාගම බලාපොරොත්තුවේ. ඔවුන් යාන්ත්‍රිකකරණය සහ ඩ්‍රෝන යානා ඇතුළු නවීන තාක්‍ෂණය අනුගමනය කිරීම නිෂ්පාදනය ඉහළ නැංවීමට පමණක් නොව උක් ගොවිතැන කෙරෙහි තරුණයින් අතර නව උනන්දුවක් ද ඇති කර ඇත.

නොසැලෙන කැපවීම සහ විවිධ සාර්ථක ක්‍රම මගින් ,ගල්ඔය වැවිලි සමාගමේ 2022/23 මූල්‍ය වර්ෂය සඳහා බදු පසු ලාභය (PAT) බිලියන 5.6 ක් බව සමාගම පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...

“Pink October” : ‘Indira Cancer Trust’ සමඟින් කොළඹ නගරය රෝස පැහැ වූ අපූරුව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රාත්‍රිය උදාවෙත්ම, කොළඹ...

රුසියාවේ plague පර්යේෂණ සේවිකාවගේ මරණය ගැන ඇමරිකාව ප්‍රශ්න කරයි; රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැඩි තොරතුරු ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: රුසියාවේ සයිබීරියානු...

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...