විදුහල්පතිනියක් දණ ගැස්වීමේ චෝදනාවෙන් චාමර සම්පත් නිදොස් කොට නිදහස්

0
329

විදුහල්පතිනියක් දණ ගැස්වූ බවට එල්ල වූ චෝදනාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නිදොස් කොට නිදහස් කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා. මෙම සිදුවීමට අදාලව ගොනුකර තිබෙන නඩුව අද කැඳවා තිබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණය මෙම තීරණයට එළඹ තිබේ.

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහුට මෙම චෝදනාව එල්ල වූ අතර මෙම සිද්ධියට මුහුණ දුන් බව කියන බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පති භවානි රඝුනාදන් මහත්මිය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබිණි. බදුල්ල පොලීසිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළේ එම පැමිණිල්ලට අදාලවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here