ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යළි ගැසට් මඟින් ප්‍රකාශයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2022 වසරේ මාර්තු මස 22 වැනි දින ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර, නැවතත්   ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුගිය සෙනසුරාදා දිනයේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.  ඒ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුවයි.

නමුත්  ඊට බොහෝ පාරශ්වවලින් විරෝධතා එල්ල වීමත් සමඟ එය සංශෝධනය කිරීමට රජය විසින් තීරණය කළ අතර, බොහෝ දෙනෙකුගේ උපදෙස් සහ අදහස් ලබාගෙන එම නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සකස් කර තිබේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කලේ, පළමු වරට ප්‍රකාශයට පත්කළ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ පැවති අඩුපාඩු එම නව පනත් කෙටුම්පත මඟින් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

තවදුරටත්  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ,  එම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමෙන් අනතුරුව ඊට එරෙහි ව විරෝධතා ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ හැකි බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...