ACPOSL සංවිධානයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් – නිලාර්ට මුල් පුටුව

Date:

ශ්‍රී ලංකාවේ සංගීත කර්තෘ, සංගීත නිර්මාතෘ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ (ACPOSL) නව සභාපතිවරයා වශයෙන් ප්‍රවීණ ගේය පද රචක නිලාර් එන් කාසිම් මහතා පත්ව තිබෙනවා. එහි අධ්‍යක්ෂ මණ්ඩලය වශයෙන් පත්ව ඇත්තේ කීර්ති පැස්කුවල්, සුනිල් ආර් ගමගේ, සමන්ත පෙරේරා, භාතිය ජයකොඩි, රංග දසනායක සහ රාජ් තිල්ලෙයාන්පලම් යන මහත්වරුන්.

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් මාධ්‍යවල ගීත විකාශය කිරීමේදී සහ මහජනයා හමුවේ ගීත ඉදිරිපත් කිරීම්වලදී ගෙවිය යුතු කර්තෘ භාග ඒකරාශී කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ සාමූහික සංගමයකට. ACPOSL එවන් සාමූහික සංගමයක්. ලෝක බුද්ධිමය දේපළ සංවිධානය ට අනුව රටකට පැවතිය හැක්කේ එක් සාමූහික සංගමයක් වන අතර ඒ අනුව සංස්ථාපිත වූ මෙරට සාමූහික සංගමය වන්නේ ACPOSL පමණයි. එහි කටයුතු බුද්ධිමය දේපල කාර්යාලය මගින් අධික්ෂණය කෙරෙනවා.

මේ සංගමය ශ්‍රී ලංකාවේ ගීත රචකයන්, සංගීත අධ්‍යක්ෂවරුන් සහ සංගීත ප්‍රකාශකයන්ගෙන් සමන්විතයි. එමෙන්ම එය ලෝක බුද්ධිමය දේපල සංවිධානය හා ගිවිසුම්ගතව එහි නිර්ණායක මත පදනම්ව කටයුතු කරනවා.

මෙම සංවිධානයේ සභාපතිවරයා වශයෙන් මීට පෙර කටයුතු කරන ලද්දේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද වූ ඩබ්ලිව්. බී. ගනේගල මහතායි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාප – සජබ හවුල ගැන විශේෂ තීන්දුවකට – එජාපයෙන් යෝජනා කිහිපයකුත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එකමුතුව කටයුතු...

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...

‘මහ ගෙදර’ වාසය

මහ ගෙදරකුඩාවට වසමි මමමට වඩා විසල්වඔබ ඒ අසල අරින විට...

පකිස්තානයෙන් හොඳ ආරම්භයක්

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පකිස්තානයේ ආරම්භක පිතිකරුවන්ගේ ද,ආරම්භක...