රත්නපාල ගමගේ (ස්විට්සර්ලන්තයේ සිට)
විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ (දැන් ජයවර්ධනපුර) ඉතිහාස සටහන් පොත පෙරලා බලද්දී 1966 මාර්තු මාසය මුළු විශ්වවිද්‍යාල පරිපාලනයම උඩු යටිකුරු ඓතිහාසික මාසයක් මෙන්ම විශ්වවිද්‍යාලයට කළු ලපයක් ඇති කළ මාසයක් විය. මේ කථාව අසන්නට මේ වන විට ජීවතුන් අතර සිටින විද්‍යාර්ථයින් සංඛ්‍යාව අතළොස්සක් විය හැකියි. සෙස්සෝ මිය පරලොව ගොසින් ඇතුවාට කිසිදු සැකයක් නොමැත.
විශ්වවිද්‍යෘලයේ ඇතිවූ කළු ලපය වන්නේ උපාධි ප්‍රදානෝත්සවය වැනි ඉතා උත්කර්ශවත් අභිමානවත් උත්සවයකදී උපාධි ලාභීන් විසින් ප්‍රධාන දෙසුම පවත්වන්නටත් උපාධි ප්‍රදානයටත් පැමිණි නියෝජ්‍ය කුලපති (නිලබලයෙන්) අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාට දීර්ඝ මෙන්ම අඛණ්ඩ හූ සංග්‍රහයක් කොට උත්සවය අවසානය කඩාකප්පල් කිරීමය. හූව කෙතරම් ප්‍රබලද යත් මහා හඬින් නැගෙන විනාඩි 45ක පමණ කාල පරාසයකට දිවෙන හූවකි. අඛණ්ඩ හූවක් වූයේ බණ්ඩාරනායක ශාලාවේ දෙපසට බෙදී වාඩිවූවන් උපාධිධාරීන් එලෙසින්ම හූ තැබීමයි. එක් පාර්ශ්වයකින් නැගෙන හූ හඬ නවතින්නේ අනිත් පාර්ශ්වයෙන් නැගෙන හූ හඬත් සමඟ බද්දවී ශාලාව දෙවනක් විය.
උත්සවය අවසන් වීමට කලින් ශාලාවෙන් පිටවූ අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල මහතා පොලිස් ආරක්ෂාව ඇතිව විශ්වවිද්‍යාල භූමියෙන් පිට කළද ප්‍රධාන ගේට්ටුවෙන් පිටව යනතෙක්ම අඛණ්ඩ හූවක් තැබුයේ තැන් තැන්වල රැඳී සිටින සිසුන්ය.
මේ හූවෙන් පසු දඩයම් කිරීම සඳහා එවකට උප කුලපතිව සිටි පලන්නොරුවේ විමලධම්ම නාහිමියන් විසින් කමිටුවක් පත්කරනු ලැබූහ. සිසුන් කිසිවෙකුත් දඩයම් උගුලේ අසු නොවුණි. කමිටුව ඉදිරියට කැඳවූ තරුණයකුගෙන් ඔබ හූ තැබුවේ කාටදැයි ඇසූවිට ඔහු දුන් පිළිතුර හාස්‍යජනක ය. පුවත්පතකින් ඊරියගොල්ල මහතාට හූ කී බව දැනගත්තා යැයි කමිටුවට පවසා තිබේ. කමිටුවේ සභාපතිවරයා වූයේ කලක් හිටපු මහවැලි සංවර්ධන ඇමැති ගාමිණී දිසානායක මහතාගේ මස්සිනා වූ ආචාර්ය වික්‍රම වීරසූරිය මහතායි. ඔහු පසු කලෙක එජාප රජයේ අදිසි අස්තයක් වූ බව නොරහසකි. ආචාර්ය වීරසූරියට ඔවුන් කිසිවෙක් දඩයම් කිරීමට නොහැකි විය.
පොලිස් ආරක්ෂාව ඇතිව ඊරියගොල්ල මහතා ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට රැගෙන යෑම සහකාර පොලිස් අධිකාරී ඇම්. ෂන්මුගම් මහතා විසින් සිදුකරන ලදී. ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට යන සිසුන්ට බැටන් ප්‍රහාරයක් දීමට අවශ්‍ය කටයුතු කරද්දී ඔවුන් විශ්වවිද්‍යාලය පිටුපස ඇති කුඩා ගේට්ටුවෙන් පිටත්ව යෑම නිසා සහකාර පොලිස් අධිකාරිවරයාගේ බලාපොරොත්තු සුන් විය.
වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාලය තුනම ඒකාබද්ධකර එහි පරිපාලනය උසස් අධ්‍යාපන මණ්ඩලය යටතට පත් කළේ 1966 අංක 20 දරණ උසස් අධ්‍යාපන පනතෙහි සභාපති ධුරය කීර්තිමත් මහාචාර්යවරයකු ලෙස ප්‍රකටව සිටි මහාචාර්ය ජී.පී. මලලසේකර මහතා පත්කරන ලදී. විශ්වවිද්‍යාල මණ්ඩප බවට විය. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මණ්ඩපාධිපති ලෙස ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය වරයකු ලෙස සේවය කළ මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් පත්කරනු ලැබීය.
විද්‍යෝදය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලවලට කාන්තා පාර්ශ්වයට අධ්‍යාපනය සඳහා දොර විවරකර දුන් අතර, විද්‍යෝදය විද්‍යාලංකාර වැනි සරසවිවල වෛද්‍ය පීඨ සහ වානිජ පීඨයන් ඇති කරන ලදී. විද්‍යෝදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලවල නව ප්‍රබෝධයක් ඇතිවූයේ හූ හඬ නිසාය.
හූව නිසා අධ්‍යාපන අමාත්‍යවරයාට එරෙහිව සිසුන් නොයෙකුත් විරෝධතා ඇති කළත්, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළහ. 1970 මහමැතිවරණයේදී ඊරියගොල්ල මහතා පරාජයට පත් කිරීමට කල් ඇතිවම සැලසුම් කිරීමය. 1965 බලයට පත්ව සිටි ඩඩ්ලි සේනානායක රජය යටතේ උපාධිධාරීන්ට රැකියා දීම අඩාල කිරීම නිසා උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය උග්‍ර විය.
කොතෙක් ද යත් 1970 මහ මැතිවරණයට ඉදිරිපත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ශවලින් ඒකාබද්ධව ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රධානතම කරුණක් වූයේ උපාධිධාරීන්ගේ රැකියා පැනය විසඳීමට පොරොන්දු විය. මේවා සියල්ල හූ හඬේ ප්‍රතිරාවයන් ය. ඊරියගොල්ල මහතා පරාජයට පත් කිරීම සඳහා උඩුබද්දාව පිරිවෙනට පැමිණි තරුණයෙක් එහි ගුරුවරයෙක් ලෙස සේවය කර පසු කාලීනව කටයුතු කළේ ඊරියගොල්ල මහතා පරාජය කිරීමටය.
ඊරියගොල්ල මහතා අධ්‍යාපනයට අමිල සේවයක් කළ පුද්ගලයෙකි. ඔහුගේ සේවය ඇගැයීමට ලක් නොකිරීම පුදුමයට කරුණක් නොවේ. එය ශ්‍රී ලංකාව වීමය. ඔහු ජනප්‍රිය ලේඛකයකු විය. ඔහු ලියූ මනුතාපය ග්‍රන්ථය තවමත් මුද්‍රණය වේ. ඉන් පෙනෙන්නේ එහි ජනප්‍රියතාවයයි. ඔහු ලියූ ගීතය අදත් දෙසවනට මිහිරක් ගෙනදේ. එය ඇසෙන විට මේ අපේ රට ගැන හැඟීම ඇතිවේ. ජාතිකාභිමානය ඇතිවේ. ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව දැයි ඒ අපට අමතක නැත. විශ්වවිද්‍යාලවල භාවිතා වන වචන මාලාවට කැම්පස් යන වචනය එකතුවූයේ මෙලෙසිනි.
1966 උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දෙසුම සඳහා පැමිණි අධ්‍යාපන ඇමැති ඊරියගොල්ලට උපාධිධාරීන් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් ලබාදුන් හූ හඬ ගැන වසර 57ක් ආපස්සට හැරී බලද්දී හූවෙන් අද ද උපාධිධාරීන් 25000ක් රැකියා පෝලිමේ සිටින නිසා ඊරියගොල්ල මහතාට හූ තැබීම ගැන ලැජ්ජා වනවා හැර වෙන මොනවා සිතන්න ද? අවු. 57ක් ගියත් ප්‍රශ්නය එකමයි. එසේ නම් එසේ තැබූ ඒ හූ හඬ මොනතරම් අසාධාරණ යැයි කියන්නට හූ හඬ තැබීමට පොළඹවූ බොහොමයක් විද්‍යාර්ථීන් අද ජීවතුන් අතර නොවීම අභාග්‍යයකි.
විශ්වවිද්‍යාල 3ම ඒකාබද්ධ කරමින් සහ විශ්වවිද්‍යාල මණ්ඩප බවට පත් කරමින් 1966 අංක 20 දරණ උසස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව 1970 වන තෙක්ම මැයි දින පෙළපාලිවලදී විශ්වවිද්‍යාල සිසුන් නටමින් කියූ සුප්‍රසිද්ධ සටන් පාඨය වූයේ “ඊරියගොල්ල ගොනා ගොනා ගොන් පනතක් ගෙනා ගෙනා” යනුවෙනි. මේ සටන් පාඨය මොනතරම් අනුවන එකක් දැයි කීමට ඔවුන්ගෙන් බොහෝදෙනෙක් අද ජීවතුන් අතර නොමැත.