පවුල්වාදයට විරුද්ධයි කිව්වාට එයාත් එච්චරයි – මෛත්‍රීගේ පවුල්වාදයට ඇතුළෙන්ම ප්‍රහාරයක් ! (VIDEO)

Date:

රාජපක්ෂ පවුල්වාදයට එරෙහිව කොතරම් කෑගැසුවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් සිදුකරන්නේ සිරිසේන පවුල්වාදය දියත් කිරීම බව උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා පවසයි.

“මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ට ලැබෙන මුදල් ප්‍රතිපාදන, ආණ්ඩුවෙන් ලැබෙන ඔක්කොම දේවල් අරගෙන කාටවත් නැගිටින්න දෙන්නෙ නැතුව එතුමා බොහෝම යහමින් පවුල්වාදය අරගෙන යනවා. පවුල්වාදය පට්ට පතුරු ගහපු, මහා රාජපක්ෂ පවුල්වාදයක් තියෙනවා කියලා කෑගහපු මනුස්සයා පොළොන්නරුවෙ මොකක්ද කරන්නෙ ? පොළොන්නරුවෙ සිරිසේන පවුල ඇතුළෙ තමා ඔක්කොම තියෙන්නෙ.

පොළොන්නරුවේ ආර්ථිකය තියෙන්නෙත් සිරිසේන පවුල ඇතුළෙ, දේශපාලන බලය තියෙන්නෙත් සිරිසේන පවුල ඇතුළෙ. එතනින් එහාට කිසි කෙනෙකුට එන්න දෙන්නෙ නෑ. අපි උත්සාහ කළා උඩට එන්න, අපට එන්න දුන්නෙත් නෑ. කිසි වෙලාවක උඩට එන්න දෙන්නෙ නෑ.

2015 මම පෝස්ටර් ගහලා, මට එතුමා ජනාධිපතිවරණය ඉවර වෙච්ච ගමන් කිව්වා ‘ඔයා මහමැතිවරණයට සූදානම් වෙන්න, මම ඔයාට හොඳ ඇමතිකමක් අරන් දෙන්නම් වැඩ කරන්න’ කියලා. හැබැයි මැතිවරණයට පෝස්ටර් ගහලා නොමිනේෂන් ඉල්ලන්න යනකොට තුන් පාරක්, එතුමා කියනවා ‘ඔයා මොකටද පාර්ලිමේන්තු ඉල්ලන්නෙ ? ඔයා මොනවා කරන්නද පාර්ලිමේන්තු ගිහිල්ලා ? ඔයාට පාර්ලිමේන්තු ඉල්ලන්න බැහැ’ කියලා. ඔන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙ කතාව.

මීට පස්සෙ වෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැන් මීළඟ මැතිවරණයේදී බලාපොරොත්තුව තමයි දහම් සිරිසේන පාර්ලිමේන්තු ගෙනියන්න. ඒ පාර්ලිමේන්තු ගෙනිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙ බලාපොරොත්තුව – අපි අනුමාන කරනවා – පක්ෂයේ සභාපතිකම දහම් සිරිසේනට බාරදෙන එක. ඔය දයාසිරිලා කැහැ කැහැ හිටියාට දයාසිරිලාට ඕක හම්බුවෙන්නෙ නෑ. ඒක තමයි ඇත්ත කතාව.

දහම් සිරිසේන පාර්ලිමේන්තු ගිය ගමන්ම දයාසිරිට ගහන්නෙ දුමින්දට ගැහුවා වගේ ඩබල් කරලා ගහන්නෙ. දුමින්දට ගැහුවෙ එකයි, දයාසිරිට දෙකක් ගහනවා. ඒක තමයි ඇත්ත කතාව”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයකු වන, හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...