ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට මෙම වර්ෂයේදී රුපියල් බිලියන දෙකක ආයෝජන ඉලක්කයක් කරා යොමු විය හැකියි.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ රුපියල් බිලියනයක මෙම වර්ෂයේ ආයෝජන ඉලක්කය දෙගුණයක් කරා ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අත්සන් කිරීමට නියමිතව තිබුණු ගිවිසුම් 30 – 40ක් පමණ ආර්ථික අර්බුදය නැවතුණු නමුත් ආර්ථික ස්ථාවරත්වයට පැමිණීමත් සමඟ යළි ගිවිසුම් ගත වීමට ආයෝජකයන් කැමැත්ත පළ කරමින් සිටින බව ඊයේ (25) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

ඒ අනුව මේ වන විට රුපියල් මිලියන 701ක ආයෝජන ඉලක්කයක් කරා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යොමුවී ඇතැයි ද අමුණුගම මහතා පැවසීය. එමෙන්ම රුපියල් මිලියන 250 ක් සහ 280ක ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව ද ඔහු කීහ.

ආයෝජකයන්ට සහන නොදිය යුතුය යන මතයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුවුවත් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට නම් සහන හිමිවිය යුතුය යන ස්ථාරයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය පසුවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඩුබායි හා අබුඩාබි හි අද (26) පැවැත්වෙන ජාත්‍යන්තර ආයෝජන සමුළුවේදී කොළඹ වරාය නගරය ආයෝජකයන්ට හදුන්වාදීමේ කටයුත්තක් ද සිදුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...