*
Friday, May 3, 2024
spot_img

Latest Posts

දැන් රට පරිවර්තනීය වෙනසකට ලක්වෙලා – රංගේ බණ්ඩාර

කොළඹ LNW:අවුරුද්දයි මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ රට පරිවර්තනීය වෙනසකට ලක්කිරීමට වත්මන් ජනාධිපතිවරයාට හැකි වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

එක් පැත්තකින් ආසියානු කලාපය මෙන්ම යුරෝපයේ අවධානය දිනාගැනීමටද ජනාධිපතිවරයාට හැකි වී තිබෙන බවයි මහ ලේකම්වරයා සඳහන් කරන්නේ.

පහුගිය කාලයේ උගන්ඩාව ස්වාසිලන්තය වැනි රජවරුන් විසින් පාලනය කරන රාජ්‍යයන් කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබුණද ඊට වෙනස්ව මනුෂ්‍යත්වයට ගරුකරන මිනිසුන් ගැවසෙන සමාජයක් වෙත ශ්‍රී ලංකාව ක්‍රමයෙන් අවතීර්ණ වෙන බව පෙනෙන්නට ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

”රනිල් වික්‍රමසිංහයන් විශ්වාසනීයත්වය තැබිය හැකි, ජාත්‍යන්තරව පිළිගත් නායකයෙක් කියන එක අපි එදා සිටම ප්‍රකාශ කළා. ජාත්‍යන්තර සබඳතාවය කියන්නේ ඒ රටේ තියෙන දේවල් මේ රටට ගෙනත් දීලා, මේ රටේ ජනතාව නිදාගෙන ඉද්දි රට කරන එක නෙමෙයි. ජාත්‍යන්තර සබඳතා කියන්නේ ඊට වඩා පුළුල් අර්ථයක් තිබෙන දෙයක්. පසුගියදා කියුබාවේ පැවැත්වුණු G-77 සමුළුව ඊට කදිම උදාහරණයක්. ඒ වගේම ජගත් සමුළුව අවසානයේ රාජ්‍ය නායකයන් ජනාධිපතිතුමන්ට ලබාදුන්න ගෞරවය, ලෙන්ගතුකම කොතෙක් ද කියන එක අපි හොඳින්ම දැක්කා. ඒ වගේම සමන්තා පවර් මැතිණිය, කොරියානු අග්‍රාමාත්‍යතුමා, මැලේෂියානු රජතුමා, වැනි පිරිස් එතුමත් එක්ක සාකච්ඡා කලා. මැලේසියානු රජතුමා මැලේසියානු සංචාරයකට ඔහුට ආරාධනා කළා. ඒ වගේම තරුණ නායකයන්ගේ සමුළුවට ජර්මනියට සහභාගි වෙන්න එතුමා පිටත් වෙනවා. එහිදී දේශගුණික විපර්යාස සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව දේශනයක් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම කියුබානු ජනාධිපතිවරයා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරක කිරීමටත් නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම කියුබාව ගැන වාමාංශික කියාගෙන කෑගහන ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ වලට වඩා රටේ නායකයා විදිහට ජනාධිපතිවරයාට විශාල පිළිගැනීමක් හිමිවුණා, කියන එක සඳහන් කළ යුතුයි. ඒ වගේම ඉරාන ජනාධිපතිවරයා උමාඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ණය ආපසු ගෙවීම සහ ශ්‍රී ලංකාවේ ඇති වෙලා තිබෙන ප්‍රතිසංස්කරණීය වෙනස පිළිබඳව ඔහු විස්මයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ෂික් හසීනා මැතිණිය ණය නැවත මෙතරම් ඉක්මනින් ගෙවීම පිළිබඳව ස්තුතිවන්ත වෙලා තිබෙනවා. එක් පැත්තකින් ආසියානු කලාපය දිනාගද්දී, අනිත් පැත්තෙන් යුරෝපා කලාපය පිළිබඳව හොඳ පිළිගැනීමක් ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම ජර්මානු සංචාරයත් එක්ක බටහිර යුරෝපීය රටවල් වල අවධානය දිනා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව විදිහට අපි ආඩම්බර විය යුතු වෙනවා. යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසයි.

රංගේ බණ්ඩාර මහතා මෙම අදහස් පළකළේ අද (26) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan