සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව SYU විරෝධතාවක!

ආණ්ඩුව විසින් යෝජනා කර තිබෙන සමාජ මාධ්‍ය වාරණ පනත් කෙටුම්පත වහාම හකුළා ගන්නා ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය විසින් අද (26) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් තරුණ තරුණියන් පිරිසක් ඊට එක්ව සිටි අතර ඔවුන් දැඩිව අවධාරණය කළේ ආණ්ඩුව මෙම පනත හරහා භාෂණයේ නිදහස අහුරා ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබෙන භාෂණයේ නිදහස සුරක්ෂිත විය යුතු බවටයි ඔවුන් ප්‍රකාශ කළේ.

සමාජ මාධ්‍ය ඇතුළු මාර්ග ගත ක්‍රමවේදයන් නියාමනය කිරීමේ අරමුණින් එම පනත් කෙටුම්පත් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/603/Activists-demand-immediate-cancellation-of-Online-Safety-Bill

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...