මෛත්‍රී සහ චන්ද්‍රිකා හමු වූ තැන

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරු උත්සවයේදී, කලකට පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමුවී තිබුණි.

පසුගිය වසරේ වෙන් වෙන්ව බණ්ඩාරනායක ගුණ සමරුව සිදු කල හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර එක් තැනකදී හමුවීම විශේෂත්වයකි.

හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මෙරට සිව්වන අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව වෙනුවෙන් සමරු උත්සවයක් අද පැවැත්වුණු අතර සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය.

මෙහිදි , මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්ගේ සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සව සභාවේ ආගමික වතාවත් සිදු කෙරුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...