චාමිකත් එල්ලයි

Date:

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම නම් කිරීමේදී මෙන්ම,ආසියානු තරගාවලියට කණ්ඩායම නම් කිරීමේදීත් කණ්ඩායමට ඇතුළත් නොවූ චාමික කරුණාරත්න කණ්ඩායමට නම් කර ඇති ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් තිබෙන ගැටළු සළකා සංචිතයට එක් කිරීමට තීරණය කර ඇත.මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම වඩා දක්ෂතා දත්ත සළකා බැලීමේදී කණ්ඩායමට නම් නොකළ චාමික, ඒ අයට වඩා ඉදිරියෙන් සිටීම නිසා තේරීම් ගැන ගැටළුවක් ඇති විය.


මේ තත්ත්වය සම්බන්ධයෙන් නායක දසුන් ශානක මෙන්ම තේරීම් කමිටුව ද දැඬිව විවේචනයට ලක් විණි.නමුත් චාමික කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ ප්‍රධාන ක්‍රීඩකයින්ගේ ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ඇති අස්ථාවරභාවය දිගටම පැවතියහොත් පමණක් කණ්ඩායමට නම් කිරීම සඳහාය.
ලෝක කුසලාන තරගාවලියට නම් කරන ලද සම්පූර්ණ සංචිතය චාමිකත් සමඟ පහත දැක්වෙන පරිදිය.
නායක දසුන් ශානක,උප නායක කුසල් මෙණ්ඩිස්,කුසල් පෙරේරා,පැතුම් නිශ්ශංක,සදීර සමරවික්‍රම,චරිත් අසලංක,ධනංජය ද සිල්වා,දුෂාන් හේමන්ත,මහේෂ් තීක්ෂණ,දුනිත් වෙල්ලාලගේ,කසුන් රාජිත,මතීහ පතිරණ,ලහිරු කුමාර,ඩිල්ෂාන් මධුශංක සහ චාමික කරුණාරත්න.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...

රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ආයෙත් කාලගුණය නපුරු වෙයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : එළැඹෙන දෙසැම්බර් මස...