දේශීය ආයුර්වේද වෛද්‍යවරුත් රට හැර යයි – සෞඛ්‍ය සේවාව දැවැන්ත අර්බුදයක!

Date:

කොළඹ LNW: මේ වනවිට දේශීය වෛද්‍යවරුන් 100ක් පමණ රට අතහැරගොස් ඇති බවත් තවත් පිරිසක් වැට උඩ සිටින බවත් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය ඉදුනිල් ජයසිංහ මහතා අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය .

මේ වනවිට රට තුළ දේශීය වෛද්‍යවරුන්ගේ හිගයක් පවතින අතර උපාධිය අවසන් කළ වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම නිසි පරිදි සිදුනොකිරීම නිසා මේ තත් ත්වය ඇතිවී ඇති බවයි ජයසිංහ මහතා සඳහන් කළේ.

බොරැල්ල ආයුවේද රෝහලේ මෙන්ම දේශීය වෛද්‍ය සේවාවන් සදහා බලපා ඇති කාරණා පිළිබදව ද මාධ්‍ය හමුවේදී අවධානය යොමුවිය.

”මේ කාරණා නිසා ආයුර්වේද වෛද්‍ය සේවාව කඩාවැටෙමින් තියෙනවා. ලියාපදිංචි නොවුන හොර වෙද කඩ හැමතැනම තියෙනවා. වෙනත් වෛද්‍ය සභාවන් හතු පිපෙනවා වගේ බිහිවෙමින් තියෙනවා. ඒවාට රාජ්‍ය අනුග්‍රහයත් තියෙනවා. කොවිඩ් කාලේ මුට්ටි ප්‍රචලිත උනා. මේකට හේතුව පනතක් හරියට නැති නිසා. අපි ඉල්ලන්නේ ආයුර්වේද වෛද්‍යවරුන් වෙනුවෙන් නිසි පනතක්. අපි අවධාරණය කරනවා තක්ෂණික කමිටුවක් හරහා පනත සකස් කරන්න කියල. ජාතික සෞඛ්‍ය සේවය ප්‍රතිස්ථාපනය කළ යුතු කාලයක් මේක. ඖෂධ ප්‍රශ්න තියෙනවා. වෛද්‍ය දීමනා අවම තත්ත්වයක් යටතේ කටයුතු කරනවා.
වෛද්‍යවරුන්ගේ දීමනා වැඩිකරන්න. අවසානයේ වන්නේ වෛද්‍යවරුන් රට අත් හැර යාමයි. ආයුර්වේද වෛද්‍යවරුන් සදහා පත්වීම් ලබාදීමේ නිසි ක්‍රමවේදයක් නෑ. වෛද්‍ය හිගයට විසදුමක් අවශ්‍යයි. නිලධාරින්ට බලධාරීන්ට බලකරනවා විසදුමක් ලබාදෙන්න කියල.”
යනුවෙන් ඉදුනිල් ජයසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැතිනිය ඇතුළු ඇමතිවරු 45ක් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්...

යුදෙව් විරෝධී චෝදනා සම්බන්ධයෙන් ප්‍රංශය, ඇමරිකානු තානාපතිවරයා කැඳවයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) LNW: යුදෙව් විරෝධයට...

අපගේ පරමාර්ථය සමස්ථ දරු පරපුරටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන එක : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව...

විහස්ගෙන් විසල් දස්කමක්

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: මේ දිනවල පැවත්වෙන අවුරුදු 23...