නීති විරෝධී ලෙස ගෙන ආ රන් තොගයක් රේගුවෙන් අල්ලයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රුපියල් මිලියන 123ක් ලෙස තක්සේරු කර ඇති මුළු බර කිලෝග්‍රෑම් 6 ක් පමණ වන රන් බිස්කට් 30ක් හා රන් ආභරණ තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. ඩුබායි සිට පැමිණි FZ 569 හා UL 226 දරන ගුවන් යානාවලින් මෙරටට පැමිණි ගුවන් මගීන් 04 දෙනෙකු මෙලෙස නීති විරෝධීව මෙරටට මෙම රන් තොගය ගෙනැවිත් තිබේ.

ඒ අනුව, කාන්තාවන් 3 දෙනෙක් හා එක් පිරිමි පුද්ගලයෙක් මෙම නීති විරෝධී ක්‍රියාවට සම්භන්ධවී සිටින බව සඳහන් වන අතර , රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරන්නේ, මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...