*
Friday, October 11, 2024
spot_img

Latest Posts

ක්‍රීඩා පරිපාලනය පැත්තෙන් වසර ගණනකට පසුව රගර් සම්බන්ධ ප්‍රශංසාවක්

සැබවින්ම මෙරට සිටින සහ ඊට පෙර සිටිය ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමත්,ආසියානු රගර් සභාපතිවරයාට ඡන්දය නොදිම නිසා ඔහු ශ්‍රී ලංකාව කෙරෙහි තබාගත් වෛරයත්,පවතින නිලවරණ ව්‍යහුය මත බලයට ඒමට නොහැකි තරමට ජනප්‍රියතාවය පිරිහුණු පිරිසකුත් නිසා ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනය ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් අපේක්ෂාවෙන් කරගෙන ගිය වැඩ කටයුතුවලට බාධා වූ අතර අඩුම තරමේ ශ්‍රී ලංකාව සිය ධජය යටතේ තරගාවලියට පිවිසෙන්නට පවා නොහැකි විය.එවැනි තත්ත්වයක ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රගර් කන්ඩායම ආසියානු ඔලිම්පික් ධජය යටතේ ක්‍රීඩා කරමින් කළ දස්කම් අගයමින් සටහනක් නිකුත් කර ඇත.
එහිදී ඔහු ක්‍රිඩා අමාත්‍යවරයාගේ දායකත්වය සිය වෘත්තීය වගකීමේ කොටසක් ලෙස අගයා ඇත.අවසාන මොහොතේ දී අමාත්‍යවරයා ඊට උපකාර කිරීමට බාධා නොකළ බැවින් ක්‍රීඩා අමාත්‍යංශ්‍යට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට රගර් කණ්ඩායමට උපකාර ද කළේය.
“ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින්, ශ්‍රී ලංකා රග්බි ලෝක රග්බි සහ ආසියානු රග්බි යන දෙඅංශයෙන්ම තහනම් කර ඇති මොහොතක දින 40ක කාලයක් පුරා රග්බි කණ්ඩායමට නවාතැන් සහ ආහාරවලට අමතරව පුහුණුවීම් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇත.”
මහාචාර්ය ශෙමාල්ගේ ලිපියේ සඳහන් එම වචන අතිශයින් වැදගත්ය.

දීර්ඝ කාලයකට දිවෙන සැළස්මක් දින 40 ක කාලයකට ලඝු වන්නේ අමාත්‍යවරයා නොමඟ ගොස් නිකුත් කළ ලිපිය නිසාය.එසේම අමාත්‍යවරයා ක්‍රිඩාව ප්‍රායෝගිකව නොදන්නා අතර ඔහු ලං කරගෙන සිටින්නේ ක්‍රිඩාවෙන් නමක් ඇති වුව සිය ක්‍රීඩාව තුළ ජනප්‍රසාදය දිනා ගැනීමට අපොහොසත් චරිතය.පරිපාලනමය වශයෙන් ඉන්නේ ද අමාත්‍යවරයා මෙන්ම ප්‍රායෝගිකව ක්‍රිඩාව ගැන නොදන්නා චරිත බැවින් ක්‍රිඩාව ගැන දන්න ලං වී සිටින චරිතවලට ක්‍රිඩාවේ සුබ සිද්ධිය වෙනුවෙන් මෙන්ම තමන්ගේ ඇරියස් පියවා ගැනීමේ අරමුණෙන් ද ක්‍රිඩා අමාත්‍යවරයා මෙහෙයවීමට අපහසු නැත.


එහෙත් මහාචාර්ය ශෙමාල් ක්‍රිඩාව දන්න කෙනෙක් නිසා සහ පරිපාලනය ද දන්න කෙනෙක් නිසා මේ කාරණයේදී අමාත්‍යවරයාට, ක්‍රීඩාවට සාධාරණ මෙහෙයවීමක් දෙන්නට හැකියාව පළල් කළ හැකිය.
ඔහු ඔහුගේ ලිපියේම ඒ බව කියන්නේය.
“මධ්‍යස්ථ ධජයක් යටතේ ආසියානු ක්‍රීඩා උළෙල වැනි ජාත්‍යන්තර තරගාවලියකදී රට නියෝජනය කිරීම කොතරම් දුෂ්කර දැයි තේරුම් ගත හැක්කේ ක්‍රීඩාව කළ අයට පමණි”
කෙසේ හෝ ශෙමාල් ප්‍රනාන්දු පවසනාකාරයටම රටේ හොඳම ක්‍රීඩකයන්ට වසර හතරකට වරක් ලැබෙන මේ සහභාගීත්වයේ ස්වර්ණමය අත්දැකීම හෝ ලැබීමත්,ඔවුන් එහිදී විනයානුකූලව සහ ක්‍රීඩාශිලීව ක්‍රීඩා කර ඇති ආකාරයත් ඇගයීමට අපද ඔහු සමඟ එකතු වන්නෙමු.
දැන් ආසියානු සභාපතිවරයා සහ ශ්‍රී ලංකා සභාපතිවරයා අතර ගැටුම ආසියානු සභාපතිවරයාගේ වචන සහ ක්‍රියා මත දෑතම ඔසවා එකඟ වූ අමාත්‍යවරයාට වෙනත් වටයකින් ආරම්භ කරන්න ද අවස්ථාව ඇත.ඒ සඳහා මහාචාර්ය ශෙමාල් ම මැදිහත් කර ගන්නේ නම් වැදගත්ය.


ඇයි තරහ වුණේ,මොකද්ද බනින්න හේතුව
මේ කරුණු ආසියානු සභාපතිවරයාගෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු සභාපතිවරයාගෙන්ද විමසා බැලිය හැකිය.එසේම රගර්වලට ප්‍රශ්නයක් වුණ බස්නාහිර ඌව රගර් සංගම්වල ගැටළුව කුමක්ද,ඇති වුණේ කෙසේද යන්න අදාල වන්නේ මෑතක ඉවත් වූ සභාපතිවරයා පත් වූ නිලවරණයටය.ඒ නිසා එම ගැටළුව නිර්මාණය වී ඇත්තේ ඔහු සිටින්නට පෙර සිටි පරිපාලනයේ දී ය.එය නිර්මාණය වූයේ කෙසේ ද,හේතු වූ කාරණා කවරේද යන්න මෑතකදී හිටපු සභාපතිවරයා සහ එවකට හිටපු සභාපතිවරයා වන වර්ථමානයේ අමාත්‍යවරයාට මඟ පෙන්වන ජාතික ක්‍රිඩා සභාවේ සාමාජිකයෙක් ද වන ලසිත ගුණරත්නගෙන් එකට තබා විමසා බැලිය හැකිය.
බොහෝ දේශපාලකයන් අනා ගන්නා කණට කර කියන කුටු කුටු වෙනුවට මේ ගැටළුවලට සම්බන්ධ සියල්ල එක මේසයකට ගෙන ප්‍රශ්න ඒ මත අත හැර තමන් පාර්ශවකරුවෙක් නොවී සියල්ලට සාකච්ඡා කරන්නට,තර්ක කරන්නට අවස්ථාව දෙන්නට අමාත්‍යවරයාව අසීරුවෙන් හෝ බුද්ධිමත් කළ හැකිනම් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දුට රගර් පමණක් නොව බොහෝ ක්‍රීඩාවල දිශානතිය වෙනස් කරන්නට මැදිහත්කරුවෙක් විය හැකිය.

ශෙමාල් ප්‍රනාන්දු විසින් යොමු කළ ලිපිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ ලිපියද මේ සමඟ ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan