සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ගිනිඅවි බලපත්‍ර ස්ම්භන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ 2024 වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්‍ෂක නියෝඡ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම සම්බන්ධයෙනි. ඒ අනුව ගිනිඅවි බලපත්‍රහිමියන්ට 2023 ඔක්තෝබර් මස 1 වනදා සිට 2023 දෙසැම්බර් 31 වනදා දක්වා බලපත්‍ර අලුත් කිරීමට කල් ලබාදී ඇති බව සඳහන් වේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශ www.defence.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.
ආරක්ෂ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, 2023 දෙසැම්බර් මස 31 දිනෙන් පසු 2024 වර්ෂය වෙනුවෙන් ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමක් සිදුනොකරන බවට හා තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
තවද, 2024/2025 වර්ෂ සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම 2023.10.01 සිට 2023.12.31 දක්වා සිදුකෙරෙන අතර, ඉන්පසු සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු අයකිරීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
