මරණ තර්ජන නිසා මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි !

Date:

තම ජීවිතයට එල්ල වී ඇති තර්ජන නිසා සහ අධික ආතතිය නිසා විනිසුරු තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මුලතිව් දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා අධිකරණ සේවා කොමිසමට දැනුම් දී තිබේ.

ටී. සරවනරාජා මහතා යනු හින්දූන් සහ බෞද්ධයින් යන දෙපාර්ශ්වයම අයිතිවාසිකම් කියා පාන කුරුන්තිමලේ පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් නඩුව විභාග කළ විනිසුරුවරයා ය.

ඒ මහතා සැප්තැම්බර් 23 වන දින අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ දිසා විනිසුරු තනතුරින්, මහේස්ත්‍රාත් තනතුරින්, පවුල් අධිකරණ විනිසුරු තනතුරින්, ප්‍රාථමික අධිකරණ විනිසුරු තනතුරින්, සුලු හිමිකම් අධිකරණ විනිසුරු තනතුරින්, බාලක අධිකරණ විනිසුරු තනතුරින් ඉල්ලා අස්වන බවයි.

ටී. සරවනරාජා විනිසුරුවරයාගේ නඩු තීන්දු අවස්ථා කිහිපයකදීම සරත් වීරසේකර මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී විවේචනයට ලක්කර තිබුණු අතර ඔහුව මාරුකර යවන මෙන් ද ඉල්ලා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...