පොහොට්ටු නායකත්වයෙන් ඉවත් වෙන්න සූදානම් – මහින්ද අලුත් නායකයා ගැන ඉඟියකුත් දෙයි (VIDEO)

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වීමට තමන් සූදානම් බවත් නායකත්වයට සුදුසු අය ඕනෑ තරම් පක්ෂයට සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔබතුමා ගැන මේ සමාජ මාධ්‍ය ජාලවල කියනවා අසනීපයි කියලා ?

“පේනවා නේද අසනීපයිද, නැද්ද කියලා මට ? ඕවා ඔහොම තමයි. ඒවා ඉතින් ගණං ගන්න නරකයි”

දැන් ඔබතුමාලාගේ පක්ෂයේ ඉදිරි වැඩකටයුතු මොන ආකාරයෙන්ද කරන්න යන්නේ ? පොහොට්ටුවේ නායකත්වය ගන්න ඉන්නේ ඔබතුමාමද ?

“නෑ, නෑ … පොහොට්ටුවේ නායකත්වයට ඕනෙ තරම් ඉන්නවා කට්ටිය. මම විතරක් නෙවෙයි. නායකත්වයට අලුතින් හදන්න ඕනෙ කට්ටිය. හැමදාම අපි ඉඳලා බැහැනෙ”

ඒ කියන්නෙ මෙවර පොහොට්ටුවේ නායකත්වයට තරුණ කෙනෙක්ද පත් කරන්න හිතන් ඉන්නෙ ?

“පුළුවන් තරම් තරුණ එක්කෙනෙක් තමයි”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) කැළණි රජමහා විහාරය වැඳපුදා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...