පාකිස්තාන් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 52 දක්වා ඉහළට

ඊයේ(29)දිනයේදී නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ මස්තුං දිස්ත්‍රික්කයේ මුහම්මද් නබිතුමාගේ උපන්දිනය සැමරීමේ රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 52 දක්වා ඉහල ගොස්, විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු, රටේ වයඹ දෙසින් පිහිටි කයිබර් පක්තුන්ක්වා පළාතේ මුස්ලිම් පල්ලියකට තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ලව ඇති අතර දෙවන ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකුවත් මිය ගොස් තිබේ.

මෙම ප්‍රහාරයන්හි වගකීම කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැත.

ප්‍රහාරය සම්බන්ධයෙන් බලුකිස්තාන් භාරකාර ස්වදේශ කටයුතු අමාත්‍ය Zubair Jamali මස්තුං හි තුවාල ලැබුවන් හමුවී පෞද්ගලිකවම සොයා බලා ඇති අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ, ලෙයින් වැසී සිටින අහිංසක මිනිසුන් දැකීමට ලැබීම වේදනාකාරී බවත්, ත්‍රස්තවාදීන් නීතියේ රැහැනට හසුකර ගන්න බවත්ය.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ට්‍රම්ප් ගුවන් තොටුපොළේදී ෂී ජින්පින් පිළිගනී – “චීනය සහ ඇමරිකාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතුයි”

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: තෙදින නිල...

මී. මී.100ට වැඩි තද වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : මේ වනවිට...

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...