පාකිස්තාන් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 52 දක්වා ඉහළට

Date:

ඊයේ(29)දිනයේදී නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ මස්තුං දිස්ත්‍රික්කයේ මුහම්මද් නබිතුමාගේ උපන්දිනය සැමරීමේ රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 52 දක්වා ඉහල ගොස්, විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු, රටේ වයඹ දෙසින් පිහිටි කයිබර් පක්තුන්ක්වා පළාතේ මුස්ලිම් පල්ලියකට තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ලව ඇති අතර දෙවන ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකුවත් මිය ගොස් තිබේ.

මෙම ප්‍රහාරයන්හි වගකීම කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැත.

ප්‍රහාරය සම්බන්ධයෙන් බලුකිස්තාන් භාරකාර ස්වදේශ කටයුතු අමාත්‍ය Zubair Jamali මස්තුං හි තුවාල ලැබුවන් හමුවී පෞද්ගලිකවම සොයා බලා ඇති අතර එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ, ලෙයින් වැසී සිටින අහිංසක මිනිසුන් දැකීමට ලැබීම වේදනාකාරී බවත්, ත්‍රස්තවාදීන් නීතියේ රැහැනට හසුකර ගන්න බවත්ය.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...