ගෙදර මිනිස්සුන්ගෙනුත් බැණුම් අහගෙන මම ලේකම්කම බාර ගත්තෙ – හිටපු කෘෂිකර්ම ලේකම් (Video)

උප කුලපති තනතුරද අතහැර දමා තම පවුලේ සාමාජිකයන්ගෙන් මෙන්ම සමීප හිතමිතුරන්ගෙන්ද බැණුම් අසමින් තමා කෘෂිකර් අමාත්‍යංශයේ ලේකම් තනතුර බාර ගැනීමට තීරණය කළ බව කෘෂිකර් අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පවසනවා. ලේකම් තනතුර බාර ගැනීමට තීරණය කළ පසු ඇතැම් හිතමිතුරන් තමාට කතාකර ‘මේ කුණු ගොඩට පනින්නෙ උඹට පිස්සුද ?’ යැයි විමසූ බවද හිටපු ලේකම්වරයා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනියේ දවස වැඩසටහනට සහභාගිවෙමිනි.

ලේකම්වරයා ලෙස තමා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තෘප්තිමත් වන බවත් රටේ ජනතාවගෙන් 90% කට වැඩි බහුරතයක්ද එය පිළිගනු ඇතැයි තමා සිතන බවත් ජයසිංහ මහතා සඳහන් කරනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වෙනත් පුද්ගලයෙකු පත් කරනතුරු ඒ පිළිබඳව නොදැන සිටි බවත්, මේ වනතෙක් තමා ඉවත් කිරීමට හේතුව කුමක්ද යන්න නොදන්නා බවත් ඔහු පවසනවා. ඒ සම්බන්ධයෙන් විමසීමට හෝ තර්ක කිරීමට බලාපොරොත්තු නොවන බව ඔහු සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...