ගුවන් ගමන් දෙකක් අවලංගු වේ ! මගීන් අපහසුතාවයට !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙන් නේපාලයේ කත්මන්ඩු සහ ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් දෙකක් මෙලෙස අවලංගු වී ඇති බව වාර්තා වන අතර මෙම ගුවන් ගමන් දෙකක් අවලංගු වීම හේතුවෙන් මගීන් දුෂ්කරතාවට පත්ව ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.

මගීන් 200 දෙනෙකු රැගෙන නේපාලයේ කත්මන්ඩු බලා අද (01) පෙරවරු 8.20ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 181 ගුවන් යානය පැය කිහිපයක් ප්‍රමාද වී තිබූ අතර පසුව ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවට දැනුම් දී තිබූ බව සඳහන් වන අතර, කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අවලංගු කළ අනෙක් ගුවන් යානය ද අද පෙරවරුවේ මුම්බායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ බව සඳහන් වේ.

ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් මගීන් හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවද තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...

පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව...

වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු ජනපති විසින් ‘මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය’ පිරිනමයි

රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් වෛද්‍ය සමන් රංජිත්...