දුමින්ද නාගමුව ඇතුළු පිරිසකට අධිකරණය නියෝගයක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොටුව පොලිස්ථානාධිපතිවරයා අධිකරණයට පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමින්, දුමින්ද නාගමුව, ජොසෆ් ස්ටාර්ලින්, ධම්මික මුණසිංහ ඇතුළු පිරිසකට අද කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

මේ අනුව අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක දුමින්ද නාගමුව, ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසෆ් ස්ටාර්ලින්, ඇතුළු 8 දෙනෙකුට හා ඔවුන් සමග පැමිණෙන අයට අද පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා ,ජනාධිපති ලේකම් කාර්යාලය, සෙරමික් හන්දියේ සිට එන්.එස්.ඒ වටරවුම, එන්එස්ඒ වටරවුමේ සිට බාලදක්ෂ මාවත, කොළඹ යන ස්ථාන සඳහා ඇතුළුවීම තහනම් වනු ඇත.

අදාළ නියෝගයේ වැඩි දුරටත් සඳහන් වන්නේ, මෙම ප්‍රදේශවලට ඇතුලුවීමෙන් වලකින ලෙසත් පොදු හා පෞද්ගලික දේපලවලට හානි නොකරන ලෙසටත් මහජනතාව ප්‍රකෝපවිය හැකි ප්‍රචණ්ඩකාරි සිදුවීම් නොකරන ලෙසත් ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...