දුමින්ද නාගමුව ඇතුළු පිරිසකට අධිකරණය නියෝගයක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොටුව පොලිස්ථානාධිපතිවරයා අධිකරණයට පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමින්, දුමින්ද නාගමුව, ජොසෆ් ස්ටාර්ලින්, ධම්මික මුණසිංහ ඇතුළු පිරිසකට අද කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

මේ අනුව අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක දුමින්ද නාගමුව, ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසෆ් ස්ටාර්ලින්, ඇතුළු 8 දෙනෙකුට හා ඔවුන් සමග පැමිණෙන අයට අද පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා ,ජනාධිපති ලේකම් කාර්යාලය, සෙරමික් හන්දියේ සිට එන්.එස්.ඒ වටරවුම, එන්එස්ඒ වටරවුමේ සිට බාලදක්ෂ මාවත, කොළඹ යන ස්ථාන සඳහා ඇතුළුවීම තහනම් වනු ඇත.

අදාළ නියෝගයේ වැඩි දුරටත් සඳහන් වන්නේ, මෙම ප්‍රදේශවලට ඇතුලුවීමෙන් වලකින ලෙසත් පොදු හා පෞද්ගලික දේපලවලට හානි නොකරන ලෙසටත් මහජනතාව ප්‍රකෝපවිය හැකි ප්‍රචණ්ඩකාරි සිදුවීම් නොකරන ලෙසත් ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...