සනත් නිශාන්ත ගෙවා ඇත්තේ විවාහ මංගලෝත්සවයට අදාල බිලක් – නාමල් කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් විදුලි බිලක් ගෙවීම ගැන තමා දැන ගත්තේ සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් තමාට දුරකථනයෙන් දැනුම් දුන් පසුව බව නාමල් රාජපක්ෂ පවසයි .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පවසා සිටියේ, තවමත් විදුලි බිලක් තමාගේ නමට ලැබී නොමැති හා තිබී නොමැති බවයි.සනත් නිශාන්ත අමාත්‍යවරයා විදුලි බලමණ්ඩලයට ගොස් විමසීමේදීද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නමට කිසිදු විදුලි බිල්පතක් නොමැති බවට තහවුරු වී ඇත.නමුත් විවාහ මංගලෝත්සවයට අදාලව තිබූ බිල්පතක් සනත් නිශාන්ත විසින් ගෙවා දමා ඇති බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී සනත් නිශාන්ත අමාත්‍යවරයාද පවසා තිබුණේ ත්‍රස්තවාදය තුරන් කිරීම හා රට සංවර්ධනය කල විශිෂ්ඨ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෞරවය හා කෘතගුණ පලකිරීමට මෙම බිල්පත ගෙවා දැමූ බවයි.

නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කලේ මාධ්‍යවේදීන් අද සනත් නිශාන්ත විසින් ගෙවන ලද බිල්පතක් ගැන සිදු කරන ලද විමසීමකදීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...