*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

කුන්ටෝරි කෙනෙක් අවශ්‍යය කර තිබේ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ස්වර්ණමය ඉතිහාසයේ ඊට දායක වූ චරිත අතර කීර්තිය බෙදී යන්නේ අඩුවෙන්ය.ඩැරල් හෙයාර්,රොස් ඉමර්සන් සිදුවීම්වලදී අප පිටිය මැද දුටුව ජනප්‍රිය රූපමාලාව වගේම එයට නීතිමය වශයෙන් මැදිහත් වෙමින් එවකට පැවති ක්‍රිකට් පාළක මණ්ඩලය කරපු කාර්යය ද වැදගත්ය.සටන් කරන්නට ඇති එම ඉඩ ගැන හඬ වගකීමක් සහ යුතුකමක් බවට පෙන්වා දීමේ නෛතික රැකවරණය සැදුණේ එතනින්ය.

එසේම කණ්ඩායමේ රිද්මය පිතිකරණ නාමාවලියේ සිටම වෙනස් කරන්නට ඩේව් වට්මෝර් ගත් තීරණය වගේම කණ්ඩායමේ නිරෝගිකම ගැන සහ ශක්තිවන්තභාවය ගැන අලෙක්ස් කුන්ටෝරි ගත් මහන්සිය සහ කැපවීමද සුළු කොට තැකිය නොහැකිය.ඒ නිරෝගි සෞඛ්‍ය සම්පන්න සිරුරු සහිත වීම නිසා එවකට ශ්‍රී ලංකා ජයග්‍රහණයන් හී පතාක යෝධයන් වූ චමින්ද වාස් සහ මුත්තයියා මුරලිදරන් දීර්ඝ කාලයක් නිරෝගිව පිටියේ රැදී උන්හ.
පසුව කණ්ඩායමේ නිරෝගිකම බරපතල ප්‍රශ්නයක් බව ඇති වර්ථමානය යනු ශාරිරික යෝග්‍යතාවය ගැන නව සිද්ධාන්ත හඳුන්වා දී ඇති සමයකි.
”සියලුම දෙනා ෆිට්නස් ටෙස්ට් සමත් විය යුතුයි.”

තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ ශුද්ධ වචනයක් සේ එය ආරක්ෂා කරන බව කීවේය.දුවන්න දුර සහ වේලාවන් නියම විය.ක්‍රීඩකයින්ගේ මාංශ පේශිවල මේදය පරික්ෂාවට ලක් විය.සියයට සියයක් හොඳම නිරෝගී ශාරිරික යෝග්‍යතාවයෙන් ඉහළ පිරිසක් කණ්ඩායමේ තබා ගැනීමට ගත් හොඳම ඓතිහාසික පියවර හැටියට ප්‍රමෝදාලංකාරය ලියූ බොහෝ දෙනෙක් ගැයූ ප්‍රශස්ති අපමණය.
නමුත් සමහර ක්‍රීඩකයින් දිගටම ආබාධවලය.ආබාධය විශාල කාලයක් සහ මුදලක් වැය කර නිරෝගී බව සහතික කරමින් නැවත කණ්ඩායමට එන්නෝ දින කිහිපයකින් සහ තරග කිහිපයකින් යළි ආබාධිතයෝය.නිරෝගීභාවය ඇතුව සහ දක්ෂකම ද තිබුණත් කණ්ඩායමේ ස්ථානය රැක ගැනීම ද අභියෝගයකි.හොඳම උදාහරණය චාමිකගේ ඉරණමය.

ආබාධිතයන් හෝ අනාබාධිතයන් සිටියදී එකතු කර ගැනීම ගැන තේරීම් කමිටුව මෙන්ම නායකයා ද වගකිව යුතු වන්නේය.දිගටම පවතින ආබාධ ශාරිරික යෝග්‍යතාවය ගැන මහ ඉහළින් කතා කරන තත්ත්වයක ගැටළු සහගතය.පළමුවම දක්ෂයන් මැවීමට වඩා ශාරිරික යෝග්‍යතාවය ඇති දක්ෂයන්ගෙන් වැඩ ගැනීම සිතිය යුතුය.ඒ සඳහා වන ආබාධ වැඩි තත්ත්වය සහ නිතර ආබාධවලට ගොදුරුවීම වැළක්වීමට ශාරිරික යෝග්‍යතාවය හොදින් පවත්වාගෙන යා හැකි කුන්ටෝරි වැන්නෙක් අවශ්‍යය වන්නේය.

මේ තත්ත්වය නිසා පන්දු යවන්නන් බොහොමයක් ලෙඩ මතය.බිනුර ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමිර ක්‍රීඩා කරන්නේ පෙන්නලා ගන්න තියෙන මට්ටමේය.අද දැක්කොත් ආයෙ කාලයකට පිටියක දකින්නට නොහැකිය.මේ වන විට ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනාගෙන් වනිඳු කණ්ඩායමට නම් කිරීමට තරම් හෝ හොඳ සෞඛ්‍යය තත්ත්වයක නැත.මහේෂ් තීක්ෂණ සියයට සියයක් දිය හැකි මට්ටමක නැත.පන්දු යැවීමේ අංශයෙන් පසුගිය කාලයේ වැඩිම කඩුලුලාභියා වූ චාමික කණ්ඩායමේ ද නැත.

මේ තත්ත්වය තේරුම් ගැනීමට මහා සමීකරණ අදාළ නැත.ඒ කණ්ඩායමේ දේශපාලනයේ හැටිය.නමුත් ක්‍රිකට් ගහන්න ආබාධවලට ලක් නොවී සිටීම කුමන ක්‍රීඩකයා ක්‍රඋීඩා කළත් පළමු කොටම අවශ්‍යය දේ වන්නේය.එසේ තිබියදී නිතර ආබාධවලට ලක්වීම නිසා වැඩිපුරම අවුල් සහගත වන පන්දු යැවීමේ අංශය ගැන හොඳ ඉඟියක් ඊයේ ඇෆ්ගනිස්තානයට එරෙහ තරගයේදී දකින්නට ලැබිණ.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඊයේ නායකත්වය දුන් කුදල් මෙණ්ඩිස් දියත් කළ ඉණිම 30 වන වාරය වන විට පන්දු 87 දී නොදැවී ලකුණු 158 ක් වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව 240 ක් ව තිබුණා.නමුත් ඔහු ඉණිම අත්හිටුවා පිටියෙන් ඉවත්වීමෙන් පසු ශ්‍රී ලංකා ඉණිම ලකුණු 294 දී සියලු කඩුලු අහිමිව නවතිනවා.ඒ 47 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවේදී.එහෙත් ලකුණු 294 ක් කියන්නෙ පහසු ඉලක්කයක් නෙමෙයි.නමුත් ඒ අපහසුව පන්දු යවන්නන් වෙතින් දැණුනෙ නැහැ.ඔවුන්ගේ පන්දු ඉදිරියේ ඇප්ගනිස්තාන පිතිකරුවන් ඉතා පහසුවෙන් ලකුණු ලබා ගත්තා.පහතින් තියෙන්නෙ ලකුණු පූවරුව.ඒකට පිවිසුනාම ගොඩක් දේවල් හිතාගන්න අපහසු නැහැ.

https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-warm-up-matches-2023-24-1393958/afghanistan-vs-sri-lanka-warm-up-1393966/full-scorecard

එහෙත් මේ සියල්ල පිටුපස පිටියට බසින ක්‍රිඩකයින් සියයට සියයක්ම සුදුසුද කියන ගැටළුව එන්නෙ සමහර තේරීම් සම්බන්ධ ප්‍රශ්න නිසා.ඒක විසඳගන්න ඕනි ප්‍රශ්නයක්.ඒ වගෙම ක්‍රීඩා කරනවට වඩා ආබාධ නිසා ක්‍රීඩා නොකර ඉන්න පිරිසක් ඉන්නවා.ඒ අය නිරෝගීව ක්‍රිඩා කරන්නෙ කොහොමද?අපි එතැන ඉදලා කතා කරන්න පටන් ගන්න කොට සරලම කතාව තමයි “අපිට කුන්ටෝරි කෙනෙක් ඕනි” කියන එක.කුන්ටෝරි ඉන්න කාලෙටත් වඩා ෆිට්නස් ගැන මාර විදිහට කයිවාරු ඇහුණට මේ වෙනකොට එහෙම ෆිට් එකක් පේන්න නැහැ.ක්‍රීඩකයො රස්සාව කරනවා විනා රස්සාවට අවශ්‍යය ඇඟ කළමණාකරනය කරනවා කියලා පේන්නෙත් නැහැ.එහෙමනම් ඉස්සෙල්ලම ඇරියස් ඇරගෙන ටීම් තෝරන එක,තෝරන ටීම් එකේ ශරීර යෝග්‍යතාවය සළකන බවක් නොපෙනීම වැනි කරුණු ගැන අවධානය යොමු කරලා අංක එකට කණ්ඩායමේ නිරෝගිකම සළකන්න.ඒ සඳහා සුදුසු ප්‍රායෝගික කෙනෙක් හොයගන්න.
බොහෝ ප්‍රශ්න නිරාකරනය වෙන්න ජයග්‍රහණ අවශ්‍යය වෙනවා.පරිපාලනය තමන්ගෙ පැත්තෙන් හිතලා හරි මේ දේ ගැන හිතන්න.පිට්ටනිවල ක්‍රිඩකයන්ට සම්මුඛ වෙන මිනිස්සුන්ට ඕනි ප්‍රමෝදය කැමති ටීම් එක නෙමෙයි.දවසක් ගහලා මාසයක් ආබාධවලට බෙහෙත් කරන අයත් නෙමෙයි.නිරෝගි ශ්‍රී ලංකා ටීම් එකක්.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan