*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවාව අදින් ආරම්භ වේ !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියාවේ නැව් සංස්ථාව, මුම්බායි, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සමඟ එක්ව දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය සම්බන්ධ කරමින් නව මගී සේවාවක් දියත් කිරීමට නියමිතය.

නව මගී සේවාව ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ (KKS) යාපනය වරාය දක්වා ක්‍රියාත්මක වන අතර නැවත ශ්‍රී ලංකාව දක්වා ද ක්‍රියාත්මක වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මේ සඳහා යොදවා ඇති යාත්‍රාව චෙරියපානි නම් අධිවේගී යාත්‍රාව (HSC) වන අතර, සමාරම්භක ගමන 2023 ඔක්තෝබර් 6 වන අද දින KKS වරායේදී සිදු කෙරේ.දෙරට අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ සිට යාපනයට අඩු මිලට ගමන් කිරීමට නව මගී සේවාව ඉන්දියාවේ ජනතාවට කදිම අවස්ථාවක් ලබා දෙනු ඇත.

වරායන් දෙක අතර ගමන් කිරීමට ගතවන කාලය පැය 3ක් පමණක් වන අතර ගමන වඩාත් ලාභදායී වීමට මගීන්ට කිලෝග්‍රෑම් 50ක ගමන් මලු නොමිලේ ගෙනායාමට අවස්ථාව ලබා දී ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) විසින් මෑතකදී රු. මිලියන 450ක් යොදවමින් ඉදිකරන ලද නවතම මගී පර්යන්තයේ දී මෙම මගී යාත්‍රා ක්‍රියාවලිය ආරම්භ කිරීම මගින් උතුරු කලාපය සඳහා මුහුදු ගමන් සහ සංචාරක ව්‍යාපාරයේ නව යුගයක් උදාවනු ඇත.

නාවික සැතපුම් 64ක් පමණ දිග නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ අතර ගමනක් සඳහා පැය තුනහමාරක හතර දක්වා කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා ඇත.මගීන් 150-200 අතර ප්‍රමාණයක් රැගෙන යා හැකි තොටුපළක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලි නුවරදී පසුගියදා ආරම්භ කළේය.

එහිදී අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ කරුණු වලින් දෙරට අතර යාත්‍රා සේවාව නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.මධ්‍යම වරාය, නාවික හා ජල මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රාජේෂ් කුමාර් සිංහ ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන් අතර, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා ශ්‍රී ලංකා පාර්ශ්වයේ ප්‍රධානියා විය.

මෙම නව ප්‍රවාහන සේවය ඉන්දියා – ශ්‍රී ලංකා සබඳතා නිරීක්ෂකයින් අතර පුදුම කරවන්නක් බවට පත් කර ඇත්තේ වසර 40 කට පමණ පසු තමිල්නාඩුව සහ උතුරු පළාත අතර නිතිපතා ගමන් කලේ පාරු සේවාවක් පමණක් වන බැවිනි.

යාපනයේ සිට අදහස් දක්වමින් දෙමළ ජාතික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ශ්‍රීතරන් තිරුනාවුක්කරසු පැවසුවේ මේ මගින් ජනතාව ගෙනයාම පිළිබද කිසිදු ගැටලුවක් තමාට නොපෙනෙන බවයි.

ඉතිහාසයේද මිනිසුන් මෙම මාර්ගයේ ගමන් කර ඇත. ඊට අමතරව, නාගෝර්, වේලන්කන්නි සහ චිදම්බරම් වැනි ආගමික වැදගත් ස්ථාන වලට නාගපට්ටිනම් වලට සමීපව පිහිටා ඇති හෙයින්, විවිධ ආගම්වලට අයත් පුද්ගලයින් මෙම සේවාව භාවිතා කිරීමට කැමති වනු ඇත” ලෙස තිරුනාවුක්කරසු කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan