මහත්වරුණි, අවධානයෙන් රිය පදවන්න !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වසරේ (2023) ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638ක් ද එම අනතුරුවලින් මරණ 1,733ක් ද සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

තව දුරටත් තල්දූව මහතා කියා සිටියේ, වාර්තා වූ එම මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පදිකයින් වන බවයි. එම ගණන 540ක් පමණ වේ.

නිහාල් තල්දූව මහතා ඒ පිලිබඳ දක්වූ අදහස් ,

“මිය ගිය සංඛ්‍යාව ගත්තොත් විශේෂයෙන්ම 1,733න් 540ක් පදිකයින්. ඒ වගේම යතුරුපැදිකරුවන් 543ක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා රියදුරන්ගෙන් මෙවැනි ආකාරයට මාර්ගයේ ගමන් ගන්නා මේ අහිංසක මිනිසුන් පිළිබඳ අවදානය යොමුකරන්න කියලා. සමහර අවස්ථාවල පදිකයින්ගේ නොසැලකිල්ල නිසා මේ අනතුර සිදුවී තිබෙනවා. ඒ නිසා පදිකයින් වශයෙන් ඔබ මාර්ගයේ ගමන් කරනකොට අවධානයෙන් කටයුතු කරන්න.”

අද (07) දින මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...