පොළිස්පති පුටුව හෙට යළි හිස් ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හෙට(09) දිනයෙන් C.D වික්‍රමරත්න මහතා ට ලබා දුන් පොලිස්පති ධුරයේ දෙවන සේවා දිගුව අවසන් වීමට නියමිත අතර, නව පොලිස්පති ධුරය සඳහා සුදුසු අයෙකු පත්කර ගැනීමට නොහැකි වීම නිසා එම ධුරය දෙවන වතාවටත් යළි හිස් වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට වීමද විශේෂ කරුණකි.

C.D වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව හිස් වූ පොලිස්පති ධුරය සඳහා වෙනත් අයෙකු තෝරා පත් කරගැනීම මාස හයක පමණ කාලයක සිට නිසි පරිදි සිදු නොවූ බැවින් අවස්ථා දෙකක දී වික්‍රමරත්න මහතා විශ්‍රාම ගිය ද ජනාධිපතිවරයා විසින් ඔහුගේ සේවා කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට කටයුතු කළේය.

පළමු වරට ඔහුට මාස තුනක සේවා දිගුව ලබා දුන්නේ මෙම වසරේ මාර්තු මස 26වන දින වන අතර, ජුනි 26වනදා ඔහුගේ පළමු සේවා දිගුව අවසන් විය.

මේ වනවිට මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් මේ වනවිට යෝජනා වී ඇති බව සඳහන් වේ.

මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා, මීළඟ පොලිස්පතිවරයා පොලිසියේ ආදර්ශමත් සහ නොකැළැල්, සේවයක් කළ හැකි නිලධාරියෙකු වීම අතිශයින් වැදගත් බව නීතිඥවරුන්ගේ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

පොලිසිය කෙරෙහි මහජනතාව තැබූ විශ්වාසය පසුගිය කාලසීමාවේ බරපතළ ලෙස ඛාදනය වූ අයුරු දක්නට ලැබුණු බවත්, පොලිසියේ ස්වාධීනත්වය, දේශපාලනීකරණය, ම්ලේච්ඡත්වය, අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ මරණ පිළිබඳව ද අදාළ ලිපිය මගින් වැඩි දුරටත් නීතිඥ සංගමය අවධාරණය කර තිබුණි.

තවද, පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ, එවකට ඊට අදාළ ව වගකිවයුතු තනතුරු දැරූ පුද්ගලයන් දෙදෙනෙකු ද පොලිස්පති ධුරය සඳහා නම් කර ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු කරන ලෙසට ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටි අතර මෙවනි ගැටලු රාශියක් මධ්‍යයේ, පොලිස්පති ධුරය සඳහා වෙනත් අයෙකු පත් කර ගැනීමේ කටයුත්ත ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇති අතර එම ධුරය යළි හෙට සිට හිස් වන්නේ මෙවන් පසුබිමක් තුළයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...