තෙල් අර්බුදය කොයිබට ද?

Date:

ඔපෙක් සංවිධානය මීට දින කිහිපයකට පෙර නිකුත් කළ වාර්තාවක දක්වා ඇත්තේ ලෝක තෙල් අර්බුදයට කෙටි කාලීන විසඳුමක් නැති බවය. තෙල් නිෂ්පාදනය පහළ බැස ඇත. තෙල් සැපයුම හා තෙල් ප්‍රවාහනය අවුල් වී ඇත. ඒ අතර, තෙල් සඳහා පවතින ඉල්ලුම ශීඝ්‍ර‍ෙයන් ඉහළ යයි. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ තෙල් මිල ඉහළ යෑමය. ගිය වසරේ බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 80ක් 82ක් පමණ විය. මේ වන විට එය ඇ. ඩො. 90 හා 92 අතර පවතී. ඉතා කෙටි කාලයක් තුළ බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 හා 105 තෙක් ඉහළ යා හැකි බව ඔපෙක් සංවිධානය පෙන්වා දෙයි. මේ තත්ත්වය තුළ වඩාත් අපහසුවට පත්වන්නේ ශ්‍රී ලංකාව වැනි රටවල්ය. අපට තෙල් නිෂ්පාදනයක් නැත. අපේ ආර්ථිකය ද දුර්වලය.

අපේ තෙල් අර්බුදයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ විදුලිය බල සැපයුම ඒ සමඟ ඍජු ලෙසින් බද්ධ වී පැවතීමය. තෙල් අර්බුදයක් ඇතිවන සෑම අවස්ථාවකම විදුලිය සැපයුම ද අර්බුදයට යයි. විදුලිය සැපයුමෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය වන්නේ ඉන්ධන දහනයෙන්ය. ඒ අනුව ඉන්ධන ගබඩා කර තබා ගැනීමට අපට සිදු වේ. ජල විදුලිය කෙරෙහි මීට වැඩි බලාපොරොත්තුවක් තබා ගත නොහැකි බැවින් ඉන්ධන නොවන බලශක්ති මූලාශ්‍රයන් කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුය. රජය ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතත් ඒවායෙහි ප්‍රතිඵල ක්ෂණිකව ලැබෙන්නේ නැත. ඒ අනුව තෙල් සැපයුම ස්ථාවර කර ගත හැකි උපායමාර්ගයක් කරා අප යා යුතුව තිබේ.

අපේ ප්‍රවාහනය මුළුමනින්ම පාහේ පවතින්නේ ඉන්ධන මතය. විදුලි දුම්රිය යෝජනාවලට පමණක් සීමා වී ඇත. බැටරිවලින් දුවන වාහන කෙරෙහි මහජන විශ්වාසයක් නැත. ගෑස්වලින් දුවන වාහන කෙරෙහි යොමුවිය හැකි වුව පවතින තත්ත්වය යටතේ ගෑස් මිල අපට ඔරොත්තු නොදෙයි. පරිසර අමාත්‍යවරයා වරක් පෙන්වා දුන්නේ පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම මීට එක්තරා විසඳුමක් බවය. එය ඇතැම් අයගේ විවේචනයට ලක් වුව ද කෙටි ගමන් සඳහා යොදා ගත හැකි හොඳම වාහනය පාපැදියයි. එය ශරීර සෞඛ්‍ය පවත්වා ගැනීමට ද හොඳ උපායමාර්ගයකි. මෙබඳු යෝජනා හාස්‍යයට ලක් නොකොට ඒවා ප්‍රායෝගික වශයෙන් අත්හදා බැලීමට දේශපාලකයන් යොමු විය යුතුව තිබේ.

අපේ තෙල් සංස්ථාව පාඩු ලබන්නේ ද දීර්ඝ කාලයක සිටය. ජනතාවට සහන මිලට තෙල් ලබාදීම හැරුණුකොට තවත් හේතු ඒ සඳහා බලපා තිබේ. ඉන් ප්‍රධාන හේතුවක් ලෙස ණයට තෙල් දීම සඳහන් කළ හැකිය. විදුලිබල මණ්ඩලය ඇතුළු තවත් ආයතන ගණනාවක්ම තෙල් සංස්ථාවට කෝටි ගණනින් ණය වී ඇත. පුදුමය වන්නේ එම ණය නොගෙවා තිබුණ ද යළිත් ණය පදනම යටතේ ම තෙල් දීමට සංස්ථාවට සිදු වී තිබීමය. ණයට තෙල් සැපයීම නවතා ගත හැකි නම්, සංස්ථාවේ පාඩුව බොහෝ සෙයින් අඩුවනු ඇත. තෙල් සංස්ථාවේ ප්‍රධාන ණයකරුවා විදුලි බල මණ්ඩලයයි. එම මණ්ඩලය විශාල වශයෙන් ආදායම් ලබන බැවින් තෙල් සංස්ථාවට ඇති ණය ගෙවා දැමීම කළ යුතුය.

කුමන දේශපාලන පක්ෂයක් බලයේ සිටිය ද මේ ගැටලුවට මුහුණ දෙන්නට සිදු වේ. දේශපාලන විවේචනවලින් ගැටලුවලට විසඳුම් සපයා ගත නොහැකිය. සිදුවිය යුත්තේ සාමූහික ප්‍රයත්නයක් ඔස්සේ අර්බුදයට මුහුණ දීමය.

ඇත්ත – Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...