*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

තාත්තෙක් නැති (ඒත් සීයෙක් ඉන්නා) පිරිමි මී මැස්සා !

සටහන – මාලිනී ගනේවත්ත

සිසිර සඟරාව (2023 ඔක්තෝබර් කලාපය) :
බඹරා නැත්නම් මී මැස්සා ගැන අපි කවි ගී කොයිතරම්නම් ලියනවාද කියා ඌ දන්නවාද කියන එක ප්‍රශ්නයක්. ඔවුන් මී පැණි හදන බව අපි දන්නවා මොකද අපි ගිහින් උන් හදපු මී පැණි ටික එකතු කරගෙන බෙහෙත් වලටයි, කන්නයි, කෑම වලට දාන්නයි, මෙකී නොකී දේවල් වලටයි ගන්නවානේ. ඒ විතරක් යැ? උන් කවදහරි කවදාවත් නොහිතන විදිහට සීනි උණු කරලා මී පැණි කියලා ලේබල් ගහලා විකුණා ගන්නත් අපි දන්නවා. ඇත්තටම මී මැස්සන් මී පැණි හදන්නේ තම ජනාවාසයේ මතු ප්‍රයෝජනයට නේ. ඒ වගේම මේ මී මැස්සන් (ඇත්තටම මී මැස්සියන්) ගස්වැල්වල මල් පරාගණය කරන්න කොයි තරම් ශ්‍රේෂ්ඨ කාර්යයභාරයක් කරනවාද? ගස් වැල්වල ඉදිරි පරම්පරාව ගෙනියන්න බීජ හැදෙන්නේ පරාගණයෙන් පස්සේ ඇතිවන සංසේචන කාර්යය නිසානෙ.

දැන් සිංහල කවියෝ කවි ලියනකොට (කවියෙක් නොවුණත් මාත් ඉඳ හිට.) බඹරා ගැන හරියට ලියනවා නේ. ඒගොල්ලෝ මල් නොතලා මල් රොන් ගන්නවා ය.ඊට පස්සේ මල් දාලා යනවා ය කියලා.

ඒවා අමු කෙප්ප!

කවදාවත් බඹරා නැත්නම් පිරිමි මී මැස්සා මල් පැණි වත් රොන් වත් ගන්න මල් වල පැත්ත පළාතේවත් යන්නේ නෑ.ඒ රාජකාරි කරන්නේ වැඩකාර ගෑනු මී මැස්සියෝ. එතකොට අර කවිකාරයෝ කියන්නෙ ලෙස්බියන් වැඩක් ගැන නේද?
මල් ගෑනුන්ට සමාන කරනවා නම් බඹරා නෙවෙයි බඹරි නේ යන්නේ මල් නොතලා රොන් ගන්න.

මී මැසි ජනපදයක රැජිනක් ඉන්න බව අපි දන්නවා. රැජිනගේ කාර්යය බිත්තර දැමීම.
සියලුම ජීවීන්ට යම් වර්ණදේහ සංඛ්‍යාවක් තියෙනවා. මී මැසි රැජිනකට තියෙන වර්ණ වර්ණදේහ සංඛ්‍යාව හා ජාන රටාවම තමයි වැඩකාර මී මැස්සියන්ටත් තියෙන්නෙ. වැඩකාර මැස්සියන් විසින් ම එයාලගේ කීප දෙනෙක් තෝරාගෙන රාජකීය ජල්ලිය කවලා තමයි රැජිනක් හදා ගන්නේ. ඒ කථාව වෙනම ලිපියකින් විස්තර කරන්නම්. මේ කතාව පිරිමි මී මැස්සා ගැනනේ.

රැජින බිහිවුණාට පස්සේ එයා සමූහ සරණ ක්‍රියාවලියක නිරත වෙනවා. එනම් මී වදයෙන් එළියට පියාසර කරලා වාතයේදී ඈ පිරිමි මැස්සන් සමග සංසර්ගයේ යෙදෙනවා. එයින් පස්සේ අවුරුදු තුන් හතරක් යනකල් ඇයට සංසේචනය වූ බිත්තර දාන්න පුළුවන්.ඒ අතර සංසේචනය නොවූ බිත්තර ද දානවා. පිරිමි මැස්සා උපදින්නේ සංසේචනය නොවූ බිත්තර වලින්.

ඒ කියන්නේ පිරිමි මී මැස්සාට තාත්තෙක් නෑ.හැබැයි සීයා කෙනෙක් ඉන්න එපැයි. ඒ වගේම මෙයාලා ඒක ගුණයි.ඒ කියන්නේ තියෙන්න ඕන වර්ණදේහ සංඛ්‍යාවෙන් භාගයයි දරන්නේ.මොකද සංසේචනය වෙලා නෑනෙ.ඉතින් වර්ණදේහ දාසයයි තියෙන්නෙ.ගෑනු මැස්සියන්ට හා රැජිනට වර්ණදේහ තිස් දෙකක් තියෙනවා.

පිරිමි මැස්සන්ගේ ප්‍රධාන රාජකාරිය සමූහ සරණයකින් පස්සේ කන්‍යා රැජින සංසේචනය කරන එක. ඒ වැඩේට ඉඩ හැම පිරිමි මැස්සට ම ලැබෙන්නෙත් නෑ ටික දෙනකු පමණයි ඒ වාසනාව හිමිකර ගන්නේ.

ඒ වගේම පිරිමි මැස්සා මී මැසි ජනපදයේ උණුසුම රැකගන්න යම් උදව්වක් කරනවා ලු. හැබැයි මෙයාල ජීවත් වෙන්නේ අර ගෑනු මැස්ස්සියෝ ගේන මල්පැණි වලින්. පිරිමි මැස්සන් මහ කම්මැලියෝ නිසා “Lazy Willi” කියලා නමකුත් පටබැඳිලා තියෙනවා.

පිරිමි මැස්සන්ගේ ආයුෂත් අඩුයි. දවස් තිහක් විතර. ටික දවසක් යද්දි අර ගෑනු මැස්ස්සියෝ එකතුවෙලා පිරිමි මැස්සන් මී වදයෙන් ඇදලා විසි කරනවා ලු හාමතේ මැරෙන්න “මේ මොන මොන වදකාරයෝ ද” කියලා හිතෙනවා ඇති.

සංසර්ගය උනත් කරන්නේ රැජින එක්ක විතරනෙ වැඩකාර ගෑනු මැස්සියන්ට මෙයාලගෙන් ඇති වැඩේ මොකක්ද නේද?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan