ගත වූ වසර අපේ රට ඉදිරියට ගොඩනැඟීම සඳහා අවශ්‍ය ශක්තිමත් අත්තිවාරම දැමු වසරයි: ජනපති ටෝකියෝහිදී කියයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29 කොළඹ LNW :

ඊයේ (28) පස්වරුවේ ටෝකියෝ හි Reiyukai ශාලාවේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට එක් වූයේය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සංවිධානය කර තිබු මෙම හමුවට ජපානයේ වෙසෙන මහා සංඝරත්නය, ආගමික පූජකවරු මෙන්ම වෘත්තීයවේදීහු, විශ්වවිද්‍යාල සිසුහූ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටී අතර ඔවුන්ගේ සුව දුක් විමසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , ඔවුන් විසින් මතු කළ ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළේය.

රට තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, වංචා, දූෂණවලින් තොර පාලනයක් ඇති කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සඳහා ගත් පියවර, රාජ්‍යතාන්ත්‍රික සමබරතාව ආරක්ෂා කර ගැනීම, ජාතික සමගිය ආරක්ෂා කර ගැනීම යන ක්ෂේත්‍ර ඔස්සේ පසුගිය වසර තුළ දැමු ශක්තිමත් අත්තිවාරම පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා ආණ්ඩුවේ වසරක ගමන් මගෙහි සාර්ථකත්වය මැනිය යුත්තේ ඒ මත පදනම්ව බවද පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...

විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු කෝප්‍රල්වරයෙකු අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය...