​පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමට නව විධායක නිලධාරිනියක් පත් කෙරෙයි

Date:

පීපල්ස් ඉන්ෂුවරන්ස් නව ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ජීවනී කාරියවසම් මහත්මිය පත් කළ බව පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය පසුගියදා නිවේදනය කළේය.

මීට පෙරද පීපල්ස් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී තනතුර දැරූ කාරියවසම් මහත්මිය, ආයතනය ආරම්භ කළ 2009 වර්ෂයේ සිටම එම ආයතනයේ සේවය කර ඇත.

වසර 25කට වැඩි කාලයක් රක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති ඇය, මීට පෙර ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගම් කිහිපයක් වෙනුවෙන් සිය සේවාව ලබා දී ඇත.

කාරියවසම් මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබද පළමු පංතියේ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි.

එමෙන්ම එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනයේ සාමාජිකාවක් වන ඇය, ඔස්ටේ්‍රලියා හා නවසීලන්ත රක්ෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ සහකාර සාමාජිකාවක් ද වේ.

ඇය වර්ෂ 2016 සිට 2019 දක්වා ශ්‍රී ලංකා වරලත් රක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ සාමාජික ලේකම් ලෙස ද, වර්ෂ 2011 සිට 2014 දක්වා ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ කාරක සභිකාවක් ලෙසද කටයුතු කර ඇත.

පාරිභෝගික කේන්ද්‍රීය වූ, වටිනාකම් පදනම් වූ සහ නූතන තාක්ෂණය මත දිවෙන ව්‍යාපාර ආකෘතියක් සහිතව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සේවා සපයන්නා ලෙස පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය පරිවර්තනය කරන්නට කාරියවසම් මහත්මිය හා සේවක කණ්ඩායම අවධානය යොමු කරනු ඇත.

2009 දී සංස්ථාපිත වූ පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය, මහජන බැංකුව හා පීපල්ස් ලීසිං ද ඇතුළත් පීපල්ස් ව්‍යාපාර සමූහයේ සාමාජිකයෙකු වේ.

පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය වාහන, දේපළ, වගකීම් සහ මුහුදු රක්ෂණය ඇතුළු පුළුල් පරාසයක සාමාන්‍ය රක්ෂණ සදහා ශ්‍රී ලංකාව පුරා විහිදුණු සේවා මධ්‍යස්ථාන 125කට අධික ප්‍රමාණයක් මගින් රක්ෂණ පහසුකම් ලබා දෙයි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය රුපියල් බිලියන 9ක වෙළෙඳපොළ ප්‍රාග්ධනයක් සහිත සහ A+ ෆිච් ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති සමාගමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...