කොළඹ LNW: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ඉදිරියේදී වෙනසකට ලක්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදත් (08) අවධාරණය කළේය.
ඒ, අද අලුත්ගම කන්දේ විහාරය වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
හැමදාමත් තමන්ට බලයේ සිටිය නොහකි බවත් අලුත්,තරුණ අය ඉදිරියට පැමිණිය යුතු බවයි රාජපක්ෂ මහතා කියා සිටියේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන සියලු දේ සිදුකිරීමට ශ්‍රී ලංකාව බැඳී නොමැති බවත් ඉදිරියේදී ජනතාවට සහන සැලසීමට රජය වහාම පියවර ගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ASK