බින්දු තුනක් එකතු වූ ඉන්දියාව කෝලි සහ රාහුල් විසින් ගලවා ගනිති

Date:

ලෝක කුසලාන තරගාවලියට ඉන්දියාව සූදානම් කර ඇති තණතීරුවල එකිනෙකට වෙනස් අත්දැකීම් විඳින්නට සිඳුවන බව පැහැදිළි කරමින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේ ලකුණු පිරුණු තණතීරුව වෙනුවට ඊයේ ඉන්දීය ඔස්ට්‍රේලියා තරගයට නම් කර තිබුණේ පන්දු යැවීමේ පාරාදීසයකි.එහිදී සිය දඟ පන්දු බල ඇණිය සම්පූර්ණයෙක්ම තරගයට ගෙන ආ ඉන්දියාව රවිචන්ද්‍රන් අශ්වින්,රවින්ද්‍ර ජඩේජා සහ කුල්දීප් යදාව් ගේ පන්දු ඕවර් 30 ලකුණු 104 ට කඩුලු 6 ක් ලබා ගනිමින් නිමා කරන්නට සමත් විය.
ඔස්ට්‍රේලියා ඉණිමේ දෙවන කඩුල්ලට ඩේව්ඩ් වෝනර් (41) සහ ස්ටීව් ස්මිත් (46) එකතු කළ ලකුණු 69 ක සබඳතාවය හැරෙන්නට කිසිඳු කඩුල්ලකට අර්ධ ශතකය ඉක්ම වන සබඳතාවයක් ඇති නොවිණි.119 දී කඩුලු දෙකක් සහ 140 දි කඩුලු දෙකක් අහිමි වීම ඉණිමේ කඩා වැටීමේ දරුණුම අවස්ථාවන් නිර්මාණය කළේය.ඒ නිසා ලකුණු 200 ට එක ලකුණක් අඩුවෙන් ඉන්දීය ඉණිම නැවතිණි.


පිළිතුරු ඉණිම ක්‍රිඩා කරද්දී ඉන්දියාව මුහුණ දුන්නේ බරපතල අකරතැබ්බයකටය.ඔස්ට්‍රේලියාව පීඩනය ඉන්දියාව දෙසට හැරවීය.ආරම්භක පන්දු යවන්නන් වන මිචෙල් ස්ට්‍රැක් සහ ජොස් හසල්වුඩ් ඉන්දීය ඉණිම ලකුණු 2 ක් වෙද්දී ලකුණු ඉක්මවා කඩලු ප්‍රමාණය 3 ක් ලෙස ඉදිරියෙන් තැබීය.නමුත් විරාට් කෝලි සහ කේඑල් රාහුල් විසින් සිව්වන කඩුල්ලට ඇති කළ සබඳතාවය ලකුණු 164 ක් විය.කෝලි ලකුණු 85 ක් ලබා ගත් අතර රාහුල් නොදැවී ලකුණු 97 ක් ලැබීය.
පන්දු යවන්නන් විසින් ඉනිදියාව දෙසට ජයග්‍රහණය හරවා දුන්නත් නැවත ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ තමන් දෙසට තරගය හරවා ගැනීමට සමත් වූහ.මේ තත්ත්වය නැවත ඉන්දියාව දෙසට නැඹුරු කිරීමේ දුෂ්කර කාර්යය පහසුවෙන් ඉටු කරළ කෝලි සහ රාහුල් අතරින් ඉණිම නොදැවි නිමා කළ රාහුල්ට තරගයේ වීරයා සම්මානය පිරිනැමිණි.
සිය සත්කාරකත්වය යටතේ සියල්ල තමන්ට සූරතාවය ලබා ගැනීම පිණිස ඉන්දියාව සකස් කර ඇති බව ඔවුන්ගේ පළමු තරගයෙන්ම පැහැදීළි විය.ඒ යටතේ උඩුගං බලා යාමට අන් සියළු කණ්ඩායම්වලට මහත් වෙහෙසක් දරන්නට සිඳුවනු ඇත.තරගයේ රූපමය විදීමෙන් බැහැරව සමස්ත තරගයේ ලකුණු පූවරුවට පිවිස වුව ද දැක ගන්නට ඇත්තේ අන් කණ්ඩායම්වලට සිදුවිය හැකි ඉන්දීය සංවිධානයේ බරපතලකමය.එහෙත් එහි ඇති කරන පිඩාවේම ගොදුරක් වීමට ඉන්දියාවටම සිඳුවිය හැකි බව ඊයේ ස්ට්‍රාක් සහ හසල්වුඩ් ඔප්පු කර පෙන්වීය.එහිදී ඉන්දීය කණ්ඩායම සුපිරිතම එකතුවක් බව සුපැහැදිළි කළ කෝලි සහ රාහුල් සංවිධානාත්මක ලෙස පරිපාලනය ඇති කරන පීඩනයට සරිලන දක්ෂතාවය සහ හැකියාවද ඉන්දියාවට හිඟ නැති බව පැහැදිළි කර දුන්නේය.


ලකුණු සටහන පහතින් දැක්වේ.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/india-vs-australia-5th-match-1384396/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...

පේරු හි සිත් ගත් “Inca Kola”

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...

පොලිස් ඇමති දේශබන්දුට ගහපු ගැහිල්ල!

කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා...

කළු සුදු පින්තූරකරණයට වර්ණයක් ලබා දුන් 2025 AAP සඟරා සම්මාන උළෙලේ රහ තැන්!

සටහන – පුලී අගෝස්තු 05, කොළඹ (LNW): කළු සුදු ඡායාරූපකරණයේ...