සජබ දෙවැනි සංවත්සර රැළිය සල්ගාදු ක්‍රීඩාංගනයේදී

Date:

මාර්තු මස දෙවැනි සතියේදී අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී මහජන රැළියක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

රැළියේ සංවිධාන කටයුතු වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පත්කර ඇති අතර මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසකට එහි වගකීම් පවරා තිබෙනවා.

පොදුජන පෙරමුණ පසුගියදා පැවැත්වූ සල්ගාදු රැළියට අභියෝගයක් ලෙස ඊට වඩා සාර්ථක රැළියක් එම ක්‍රීඩාංගනයේදීම පවත්වා ජනතා බලය පෙන්වීමට සූදානම් බව පසුගියදා සජබ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

මෙම රැළියට සමගාමීව පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්ද ආරම්භ වනු ඇත. ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙන බැවින් ඊට සූදානම්ව සිටින ලෙස පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට දැනුම් දී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...