සාධාරණය ඉල්ලා මහමඟට බැස්ස වෛද්‍යවරුන්ට පොලීසියෙන් දැඩි බාධා – පහර දීමකුත් සිදුවෙයි

කොළඹ LNW:කරුණු කිහිපයක් මුල්කරගනිමින් අද (11) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

බදු සංශෝධන වහාම හකුළා ගන්නා ලෙසත්, සීමා වාසික දීමනා වැඩිකරන ලෙසත්,නිදහස් අධ්‍යාපනය හා රජයේ වෛද්‍ය පීඨ විනාශය නතර කරන ලෙසත්, පශ්චාත් උපාධි අධ්‍යයන අවස්ථා වැඩිකරන ලෙසත් පවතින ඖෂධ හා වෛද්‍ය හිඟයට විසඳුම් දෙන ලෙසත් ඇතුළු කාරණා මුල් කරමිනුයි එම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ආරම්භ වූ එම විරෝධතාව අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය දෙසට පාගමනින් යාමට සූදානම් වීමත් සමඟ ඊට පොලීසියෙන් බාධා එල්ල විය.

එම පොලිස් විරෝධය මැද විරෝධතා පුවරු ප්‍රදර්ශනය නොකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය දෙසට පාගමනින් යාට වෛද්‍යවරුන්ට සිදුවූ අතර අමාත්‍යාංශය ඉදිරිපිටදී පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත විය.

එහිදී පොලිස් නිලධාරියෙකු විසින් වෛද්‍යවරයෙකුට පහර දීමක් සිදුකර තිබුණු අතර එම අවස්ථාවේ පොලීසිය හා වෛද්‍යවරු අතර ඇතිවූයේ ඉතා උණුසුම්කාරී තත්ත්වයකි.

පොලිස් පහරදීමට ලක්වූ වෛද්‍යවරයා ඊට විරෝධය පළකමින් මහා මාර්ගයේ හිඳ ගත්තේය.

එම උණුසුම් තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදතිබුණු වෛද්‍යවරු සිය විරෝධය දක්වා විසිර යන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/610/GMOA%20to%20stage%20a%20protest%20today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...