*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

ඔන්ලයින් පනත අධිකරණයේදී ප්‍රතික්ෂේප වෙනවා. ඊට පෙර ඉල්ලා අස් කරගන්න – SJB

කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ තිබෙන කරුණු බොහෝමයක් අධිකරණයේදී ප්‍රතික්ෂේප වන බවත් මේ පනත ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය ප්‍රකාශ කරන බවත් රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවට මේ පනත පටහැනි බවත් එමනිසා මේ පනත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයට ප්‍රකාශ කරන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.

ඒ, අද (11) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

අදහස් ප්‍රකාශ කිරීමට සිවිල් සමාජයට අයිතියක් තිබෙන හෙයින් ඒ අයිතිය අඩු කිරීමේ වැඩපිළිවෙලක් මේ පනත හරහා සිදුකරගෙන යන අතර මෙම පනත හරහා පුරවැසි අරගල පාලනය කිරීමට ආණ්ඩුව උත්සහ කරන බවයි වික්‍රමරත්න මහතා පැවසුවේ.

සමාජ මාධ්‍ය හරහා සිදුකරන අකටයුතු ක්‍රියාවලට දඩුවම් ලබාදීමට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවශ්‍ය නොවන බවත් එවැනි ක්‍රියාවලට දඩුවම් ලබාදෙන්න ඕනෑතරම් නීති රීති රටේ තිබෙන බවත් ඔහු පහැදිලි කළේය.

‘‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත රජය ඉදිරිපත් කරලා තියෙන්නේ රටේ කාන්තාවන් රටේ දරුවන් ආරක්ෂා කරන්න නෙවෙයි. මේ පනත රජය ඉදිරිපත් කරලා තියෙන්නේ වෙනත් අරමුණකින්. සමාජ මාධ්‍ය පමණක් නෙවෙයි සමස්ථ මාධ්‍ය පාලනය කිරීම සඳහා යොදා ගන්නා පනතක්.

සාමාන්‍යයෙන් පනතක් ඉදිරිපත්කරන විට රටේ ලොකු සාකච්ඡාවක් තිබෙනවා. ජන සමාජ එක්ක සිවිල් සමාජ ආයතන සමඟ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවට ඒ පනත යොමු කරනවා. නැවත පාර්ලිමේන්තුවට යොමුකරනවා. පාර්ලිමේන්තු කමිටුවලට යොමුකරනවා. අවසානයේ තමයි ගැසට් කරන්නේ. සති දෙකක් තුළ අධිකරණයට යොමුකරලා ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියලා සොයාබලා නැවත පාර්ලිමේන්තුවට යොමුකරලා තමයි ඡන්දයක් තියන්නේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හරහා කොමිසමක් පිහිටුවන්න අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. කොමිසම කියන වචනය භාවිතා කරපු ගමන් සියලුදෙනා හිතන්නේ මේක ස්වාධීන දෙයක් කියලා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හරහා පත් කරන කොමිසමේ සමාජිකයන් පත් කරන්නේ ජනාධිපතිවරයා. මේ කොමිසම ව්‍යවස්ථාදායක සභාවට එන්නේ නෑ. මේක ඒකාධිකාර වැඩපිළිවෙලක්.

මේ වැඩපිළිවෙලන් විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලතල සියල්ල එක තැනකට ගන්නවා. ජනාධිපතිවරයාට ඕන අය තමයි මේ කොමිසමට දාන්නේ. කාටවත් මේ ගැන ප්‍රශ්න කරන්න බෑ. ඒ පත්කරන කොමිසන් සභාව තමයි නීති රීති හදන්නේ.

මේ පනතට අධිකරණයට අරගෙන ගියාම අධිකරණය බලන්නේ ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියලා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කරුණු බොහෝමයක් අධිකරණයේදී ප්‍රතික්ෂේප වෙනවා. අධිකරණය ප්‍රකාශ කරයි මේ පනත ව්‍යවස්ථාවට පටහැනියි ඒ නිසා මේ පනතේ වෙනස්කම් කළ යුතුයි කියලා. රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවට මේ පනත පටහැනියි. අපි කියන්නේ රජයට මේ පනත වහාම ඉල්ලා අස්කර ගන්න කියලා.

අදහස් ප්‍රකාශ කරන්න සිවිල් සමාජයට අයිතියක් තියෙනවා. ඒ අයිතිය අඩු කිරීමේ වැඩපිළිවෙලක් මේ පනත හරහා සිදුකරගෙන යනවා.කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අවකාශය අඩු කිරීමේ වැඩපිළිවෙලක් මේ පනත හරහා සිදුකරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවක් තුළ විරුද්ධවීම අයිතිවාසිකමක්.මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හරහා කරන්න හදන්නේ පුරවැසි අරගල පාලනය කරන්න හදන එක.

දරුවන්ට කාන්තාවන්ට සමාජ මාධ්‍ය හරහා හිංසනයන් සිදුවෙනවා. අපි ඒ ක්‍රියා අනුමත කරන්නේ නෑ. නමුත් එවැනි ක්‍රියාවලට දඩුවම් දෙන්න මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවශ්‍ය වෙන්නේ නෑ. ඒවගේ දේවල් වලට දඩුවම් දෙන්න ඇතිවෙනකන් නීති රීති රටේ තිබෙනවා. අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ එවැනි ක්‍රියා වලට දඩුවම් දෙන්න පුලුවන්.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan