STF එක සමඟ වෙඩි හුවමාරුවෙන් පාතාල සැකකරු ජීවිතක්ෂයට !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දකුණේ තවත් වෙඩි හුවමාරුවක් පිළිබඳ වාර්තා වන අතර, එම වෙඩි තැබීමෙන් මීටියාගොඩ, තෙල්වත්තේදී පුද්ගලයකු තුවාල ලැබූ අතර බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වාර්හා වෙ. ඔහු වයස අවුරුදු 42ක පමණ පුද්ලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

පාතාල සාමාජිකයෙක් බවට සැක පුද්ගලයෙක් එම ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී නිවසේ සැඟව සිටි සැකකරු විශේෂ කාර්ය බළකායට පිස්තෝලයකින් වෙඩිතබා ඇති බවයි පැවසෙන්නේ.

එහිදී, එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරුට වෙඩිවැදී ඇති අතර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයා, පසුගිය දා ගාල්ල, කරාගොඩ ප්‍රදේශයේ දී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කළ හිටපු පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතාගේ ඝාතනයේ සැකකරුවෙක් බව ද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...