නඩුව කල්දාගැනීමට චම්පිකගේ නීතීඥයින් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි. සාක්ෂි විභාගය ඇරඹේ

Date:

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකට අදාළ නඩුවේ සාක්ෂි විභාගය කල්දමන ලෙස එහි විත්තිකාර පාඨලී චම්පික රණවක මහතාගේ නීතීඥයින් කළ ඉල්ලීමක් ඊයේ (18) කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති අතර රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුවට අදාළ ඇතැම් ලේඛන තමන් වෙත ලැබී නොමැති හෙයින් මේ අවස්ථාවේ නඩු විභාගය පැවැත්වුවහොත් තම සේවාදායකයාට අගතියක් සිදුවිය හැකි නිසා එම ලේඛන ලැබෙන තුරු නඩු විභාගය කල්දමන ලෙසට ය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට විරෝධය පළකර සිටියේය.

කෙසේවෙතත් දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා පෙන්වා දුන්නේ විත්තිය විසින් ඉදිරිපත් කළ එම කාරණය නඩු විභාගයක් කල්තැබීම සඳහා සාධාරණ හේතුවක් නොවන බවයි. එසේම නඩු විභාග කල්යෑම සම්බන්ධයෙන් හාස්‍යයෙන් කතා කරන පුද්ගලයින් අධිකරණයේ සිටී නම් එවැනි කල්යෑම් සිදුවන්නේ කෙසේදැයි ඔවුන්ට වටහා ගැනීමට හැකිවනු ඇති බව පැවසූ විනිසුරුවරයා නඩු විභාග කඩිනමින් අවසන් කිරීම යනු මහජනතාව අපේක්ෂා කරන කරුණක් බවත් සඳහන් කළේය.

ඒ අනුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර විත්තිකාර රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සරත් ජයමාන්න මහතා අනතුරින් ආබාධිත වූ සන්දීප් ගුණවර්ධන නම් තරුණයාගේ පියාගෙන් හරස් ප්‍රශ්න විමසුවේය.

වැඩිදුර විභාගය මාර්තු 07 වනදා සිදුකිරීමටයි අධිකරණය නියෝග කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...