පාස්කු ප්‍රහාරය:කාදිනල්තුමා හා බිෂොප්වරු ගන්නා තීන්දුව මත අපිත් තීරණයක් ගන්නවා – විපක්ෂ නායක (VIDEO)

Date:

කොළඹ LNW: පාස්කු විමර්ශන සම්බන්ධයෙන් ජාතික කතෝලික කමිටුවට විශ්වාසයක් නොමැති බව අද (17) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වින්දිතයන්ට යුක්තිය ඉටු කර දීමේ ජාතික කතෝලික කමිටුව ජනාධිපතිවරයාට යැවූ ලිපියක් මඟින් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සියයට 99ක් අවසන් බවට වන කතාව ප්‍රතික්ෂේප කරමින් මෙම සිදුවීමට අදාළ පර්යේෂණයේ අඩංගු සමහර සිද්ධි හා කරුණු සම්බන්ධයෙන් ඔවුන්ට සැකසහිත බැවින් ඒ සම්බන්ධ විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පවසා ඇති බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.

මේ තත්ත්වය තුළ පාර්ලිමේන්තු කාරක සභාව සම්බන්ධයෙන් එහි අපක්ෂපාතීත්වය විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ජාතික කතෝලික කමිටුවට විශ්වාසයක් නොමැති බව හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම ලිපිය මඟින් ඔවුන් යෝජනා 03ක් ඉදිරිපත් කරන බවත් ඒ යටතේ මීට සම්බන්ධ විමර්ශන ජාත්‍යන්තර ස්වාධින විමර්ශන කණ්ඩායමක අධික්ෂණය යටතේ සිදු කිරීම, ඒ සදහා පත් කරන ලද දේශීය කණ්ඩායම සදහා විවිධ ප්‍රදේශවලට මාරු කරන ලද සී.අයි.ඩී. නිලධාරීන් ඇතුළත් කිරීම සහ විමර්ශනයට ලක්වන උසස් නිලධාරීන්ගේ සේවය විමර්ශනය නිමාවන තුරු අත්හිටුවන ලෙසට මෙහි සදහන් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේ ම ජනාධිපතිවරයා ඩී.ඩබ්ලිව් නාලිකාවට දුන් සම්මුඛ සාකච්ඡාවේ දී කාදිනල් හිමියන් හා බිෂොප්වරු අතර පරස්පරයක් ඇති බවට පැවසුවත් මෙහි එවැනි කිසිදු පරස්පරයක් දක්නට නොමැති බවත් එබැවින් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සාර්ථක එකක් වීමට නම් මෙහි සභාපතිවරයා නම් කිරීමට විපක්ෂයට දෙන ලෙසත් 9යි11 කොමිසම මෙන්ම මෙහි සංයුතිය ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය වන ලෙස සමසම විය යුතු බවත් එසේ නොමැති නම් විපක්ෂය මේ සදහා සහභාගී නොවන බවත් කාදිනල්තුමා හා බිෂොප්වරු ගන්නා තීන්දුව මත සමගි ජන බලවේගය ද ඉදිරි තීන්දු ගන්නා බවත් ප්රෙමදසමහතා සදහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...